කැබිනට් මණ්ඩලය තුල කිසිම අසමගියක් නැහැ : ඇමති රවීගෙන් සහතිකයක් !

කැබිනට් මණ්ඩලය තුල කිසිම අසමගියක් නැහැ : ඇමති රවීගෙන් සහතිකයක් !

"විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

"අද අපි මේ පොසොන් පොහොය නිමිත්තෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන සියලුම ආගමිකයන්, සියලු ජාතීන් එකතුවෙලා, පන්සල මුල්කරගෙන පවත්වන බැති ගී තුළින් අපේ එකමුතුභාවය තමයි පෙන්වන්නේ. කැබිනට් මණ්ඩලය රැස්වුණා. මෙහිදි අපි රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කළා. පසුගිය සමයේ මාධ්‍ය විසින් ජනතාව අතර මතයක් ඇතිකරලා තිබුණා කැබිනට් මණ්ඩලය තුල යම් යම් අසමගිතාවන් ඇතිවී තිබෙනවා කියලා. නමුත් අද අපි ඒ සියලු මත බිද දමලා, අපේ එකමුතු භාවය පෙන්නුම් කළා.

ආර්ථිකය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටෙත් ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. අනෙක් රටවල ප්‍රශ්න වලට අපේ රටත් ග්‍රහණයට ලක් වෙලා. දක්ෂයො, වැඩකරන්න පුළුවන් අය සමග එකමුතු වෙලා ඒ ප්‍රශ්ණ විසදගෙන, මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් සකසා ගතයුතුයි. යම්යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි එකමුතුවෙලා, අපේ රටේ අහිංසක ජනතවට අදට වඩා හොද හෙට දවසක් ඇතිකරනවා "යැයි පැවසිය.02 4

04 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න