මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයට තමන් අත්සන් කළ බවත් ඒ සඳහා දිනත් නියමව තිබෙන බව ජනාධිපති සිරිසේන පවසා ඇත.
ජනාධිපති මන්දිරයේ අද (26) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ජනාධිපති සිරිසේන අවස්ථා ගණනකදී ප්‍රකාශයට පත්කර තිබු අතර ඒ සම්බන්ධව දේශීය මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචනයක් එල්ලවිය.
මේ වන විට ලෝකයේ ශිෂ්ට සමාජයේ ප්‍රවණතාව වී ඇත්තේ මරණ දඬුවම අහෝසි කිරීම වෙතය. මීට පෙරදීද ජනාධිපති සිරිසේනගේ මේ එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාවට නැංවීමේ අදහස විවේචනය වුයේ අශිෂ්ටත්වය දෙසට නැගුනු පසුගාමී අදහසක් ලෙසය.
19 සංශෝධනයත් එපා !
මේ අතර වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් ජනාධිපති සිරිසේන අද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බවත් ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කර යුතු බවත් එහිදී ජනාධිපති සිරිසේන පවසා තිබේ.
ජනමත විචාරණයක් නෑ !
මේ අතර ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
තවද ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ජනාධිපතිවරණයෙන් මාස දෙකකට පසුව මහ මැතිවරණයත් පැවැත්වෙන බවත් සිරිසේන ජනාධිපති එහිදී පවසා තිබෙන බවත් වාර්තා වෙයි.


 
     
     
    