මරණ දඩුවම නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක නොකරනවානම් වඩා යහපත් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇතැයි වාර්තා වේ.
පසුගිය 27 වනදා ජනාධිපති සිරිසේන වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති මහලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට මම කියලා දුන්නා - ජනාධිපති
කෙසේ වුවත් පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති සිරිසේන සදහන් කර ඇත්තේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තමන් වෙතින් විමසීමේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කළ බවය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියපු දේ ජනාධිපතිට තේරුනාදැයි සැකයි - දේශපාලන විචාරකයන්
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සිදුකළ විමසීම අවශ්‍ය බරින් යුතුව ජනාධිපති සිරිසේන තේරීම් ගත්තේද යන්න සැකසහිත බවය.
රාජතාන්ත්‍රික විමසීම් සම්බන්ධව පමණක් නොව ව්‍යවස්ථාව සම්බන්ධව පවා ජනාධිපති සිරිසේනගේ ඇත්තේ නොමේරූ දැනුමක් බවත් එබැවින් ශිෂ්ට ලෝකයම ප්‍රතික්ෂේප කරන , විරුද්ධත්වය දක්වන කරුණක් ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් දුරකථන ඇමතුමක් ලබාදී විමසීම පවා අවුලක් බව ජනාධිපති තේරීම් නොගත් තත්ත්වයක් පෙන්නුම් කරන බවත් විචාරකයන් සදහන් කරයි.
ජාත්‍යන්තරයම විරුද්ධයි !
ලබන සතිය තුළ සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා ලියවිල්ලකට අත්සන් තබා ඇතැයි ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව එම තීන්දුව සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා මහාබ්‍රිතාන්‍ය, කැනඩාව , නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට නිවේදන නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මෙම තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇති බවය.

