ලබන සතිය අවසන් වන තුරු කිසිවෙකු එල්ලන්නේ නෑ : බන්ධනාගාරයෙන් පොරොන්දුවක් !

ලබන සතිය අවසන් වන තුරු කිසිවෙකු එල්ලන්නේ නෑ : බන්ධනාගාරයෙන් පොරොන්දුවක් !

ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන් ඊයේ ( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළකර ඇත.

මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ නීතිපතිට නොතීසි නිකුත් කළේය.

ඒ අනුව ඊයේ දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටියේය. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දන්වා සිටියේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කීරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.

කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය ජුලි 2 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තීන්දු කළ අතර එදිනට නීතිපති මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බවද අධිකරණයට දැන්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න