පසුගිය රජය සමයේ මිහින් ලංකා ආයතනයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදුකළ බවට එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූලි මස 12 වැනිදා විභාගයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) මෙම නියෝගය නිකුත්කර ඇත.
විත්තිකාර පාර්ශ්වයේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ මෙම නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට ඇති බවය.
එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ ලබන 12 වැනිදා එම විරෝධතා ඉදිරිපත් කරන ලෙසය.
රාජපක්ෂ පාලන සමය යටතේ මිහින් ලංකා ආයතනයට ආම්පන්න මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් රුපියල් මිලියන 883ක පාඩුවක් රජයට සිදුකර ඇතැයි එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

