තමන් මරණ දඬුවමට පුද්ගලිකව විරුද්ධ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියේ මාතර කඹුරුපිටියේ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.
අලුගෝසුවෙකුට රස්සාවක් දීමට ජනාධිපතිවරයෙකු උවමනා නැති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෙය වේලාව නොවන බවත් එහිදී ඔහු පැවසීය.
තමන්ද ජනාධිපති ධුරය දරද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණියත් තමන් ඒ කිසිවකට අත්සන් නොකළ බවද හේ පැවසීය.
මිනිසුන් එල්ලුම් ගස් යවා කිසිවකුට ජනාධිපති විය නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයාටද එවන් අදහසක් ඇතැයි තමන් නොසිතන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

