ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ පත්කර ඇති බව වාර්තා වෙයි.
අදාල පත්කිරීම ඊයේ (29) සිදුකර ඇත.
අනතුරුව පොහොට්ටු පාර්ශවය මාධ්‍ය වෙත දන්වා ඇත්තේ වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පළකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන කිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේම නායකයෙකුගේ අවශ්‍යතාව මත මේ සිදුකර ඇති බවය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පස්වරුවේ පැවැති අතර පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

