සුළු ජාතික පක්ෂ වෙතින් : ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට බැසිල්ට ආරාධනා !

සුළු ජාතික පක්ෂ වෙතින් : ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට බැසිල්ට ආරාධනා !

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට ඉදිරිපත් වෙන ලෙස දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් ගෙන් යෝජනා ඉදිරිපත්ව ඇතැයි පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන නම් තුන යෝජනා වී තිබෙනවා නේදැයි 'අනිද්දා' පුවත්පත බැසිල් රාජපක්ෂගෙන් කළ විමසීමේදී එබව තහවුරු කරමින් ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත.

තමන්ගේ නම යම් පුද්ගලයන් යෝජනා කර ඇතත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් නැති බව ඔහු කියා සිටියි.

මෙම කාරණය පලවී ඇති 'අනිද්දා' පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

 'ගෝඨා එන බව මම කීවේ නෑ'

''මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව තමන් ප්‍රකාශ කළේ යැයි පළවෙන මාධ්‍ය වාර්තා තමාගේ ප්‍රකාශක මූලික අදහස විකෘති කිරීමක් බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි පසුගිය සතියේ මාධ්‍ය ගණනාවක පුවත් පළවී තිබුණි.

ඒ අනුව ශ්‍රීලපොපෙ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන තීන්දුවක් ගෙන අවසන්දැයි අප කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා ඉහත අදහස පළකළේය.

ඇත්තෙන්ම එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපක් වුවහොත් තමන්ගේ සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳ බව බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බවත්, එසේ වුවහොත් තමන් සහයෝගය ලබාදෙන බවත් එයට පිළිතුරු ලෙස පැවසූ බව ඔහු කීය.

ඉදිරිපත්වෙන ඕනෑම අපේක්ෂකයෙකුට තමන් සහයෝගය ලබාදෙන බවත් අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වුවහොත් ඔහුට වුව සහයෝගය දෙන බවත් එහිදී අදහස් කළ බව ඔහු කීය.

අපේක්ෂකයා තවමත් නම්කර නැහැ :

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම තවමත් සිදුවී නැති බවත්, එය ජූලි මාසය අවසන්වීමට පෙර කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.

අපේක්ෂකයා පිළිබඳ මුලින්ම පොදුජන පෙරමුණ තීන්දුවක් ගන්නා බවත්, ඉන් පසුව ඒ පුද්ගලයාගේ නම පොදුජන පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ හා ජාතිකවාදී සිවිල් සංවිධාන හා අනෙකුත් දේශපාලන පක්ෂවලට වැදගත් තැනක් ලබාදෙමින්, පුළුල් සන්ධානයක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස සිදු කිරීමටද බලාපොරොත්තුවන බවද ඔහු කීය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න