ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බවත්, රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.
ඊයේ (08) රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග ජනාධිපති නිළ නිවසේදී පැවති විශේෂ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා "මේ රට තුළ සහජීවනය සාමය තිබිය යුතු නිසයි අපි සියලු දෙනා ඒ මොහොතේදී අමාත්‍ය ධූරවලින් ඉවත්වුනේ.අපිට ඇමතිකම්වලට වඩා මේ රට වටිනවා.හදිසිනීතිය තිබුනත් දැනටත් ඒවා නොතකා ඇතැම් පිරිස් සීමාව ඉක්මවා කටයුතු කරනවා,කඩාකප්පල් වැඩ කරනවා.සියලු දෙනාටම නීතිය එකලෙස වෙන්න ඕන කියලයි අපි කියන්නේ.
මේ ත්‍රස්ත ක්‍රියා සදහා ගෑවුනු සෑම සියලුදෙනාවම හොයල බලල දඩුවම් කරන්න ඕන.අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙන එක නතරකරන්න ඕන.මේ රටේ සහජීවනය සාමය කඩාකප්පල් කරන පිරිසක් තමන්ගේ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.ඒ අය ගැන මේ රටේ කවුරුත් කතාකරන්නෙවත් හොයල බලන්නෙවත් නැහැ."

