ඉන්ධන හලක් නිසා බුද්ධික කිපෙයි : අද සිට උපවාසයක් අරඹයි !

ඉන්ධන හලක් නිසා බුද්ධික කිපෙයි : අද සිට උපවාසයක් අරඹයි !

අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ අසබඩ ඉන්දන පිරවුම් හලක් සඳහා අනුමැතිය ලබාදීමට එරෙහිව අද (09) මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීමට අමාත්‍ය බුද්ධික පතිරණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

‘‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති. මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ. කොහොමත් මම අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියා.‘‘ යැයි අමාත්‍ය බුද්ධික පතිරණ ඊයේ (08) මාතර දී පැවසීය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

අකුරැස්ස නගරයේ තහනම් කරන ලද ඉන්ධන පිරවුම් හලකට යලි බලපත්‍රය ලබා දීමට අත්සන් කර තිබේදැයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් සීක්කුබදු කියා සිටියේ ඒ ගැන මෙතැනදී කිව නොහැකි බවත් ඉහළ අධිකාරිය විසින් බලපත්‍රය දීම ගැන තීරණය ගෙන ඇති බවත්ය.

බුද්ධික පතිරණ ආවේශ වේ !

ඒ සමගම ආවේගශීලී වූ බුද්ධික පතිරණ මෙසේ ද කීවේය.

“ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් යලි දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා අපි තීන්දුවක් ගත්තා.

කලින් ෂෙඩ්කාරයා කීවා, ඕනෑම කොන්දේසියකට යටත් වෙන්නම්, එතැන ආරම්භ කරන්න ඉඩ දෙන්න කිව්වා. එතකොට අපි කිව්වා, කිසිම කොන්දේසියක් යටතේ එතැනට අවසර දෙන්නේ නෑ කියලා. ඔයා පිටි පස්සෙන් ඇවිත් ගෙදරට ඇවිත් අපිව හම්බ වෙන්න එපා කියලා. ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කලොත් විතරයි යලි ගන්න පුලුවන් කියලා.

දැන් මොන විදියකට ද ඔබතුමාලා ලියුමක් අත්සන් කරලා තියෙන්නේ. පරිසර අධිකාරියේ තමුන්නාන්සේ අවසරය දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දෙන්නේ නැතිව බෑනේ ඒක කරන්න. ඉහල කලමණාකාරීත්වය එහෙම කොහොමද තීරණ ගන්නේ.

මම හෙට උදේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉස්සරහ බිම වාඩි වෙනවා.මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ, හෙට වාඩි වෙනවා. බුද්ධික පතිරණ මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට. ඔය ගොල්ලන්ගේ එතැන ඉන්න ලොක්කන්ට කියන්න, හෙට මාව උදේ ගෙන්න ගන්න එපා කියලා.

මට මේක ලොකු නෑ. මම කොහොමත් අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියේ. ඒ නිසා බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් මට මේවා ලොකු නෑ. හෙට මාව ගෙන්න ගන්න එපා. මේක නවත්ත ගන්න කියන්න. එච්චරයි. ඒක ආයේ දෙකක් නෑ.

''අපි නපුංසකයෝ නෙවෙයි''

මේ අපි නපුංසකයෝ නෙවෙයි. මෙහෙම තීන්දු ගන්න නපුංසකයෝ ඇති. මතක තියා ගන්න. අපි පිරිමි. අපි නපුංසකයෝ නෙවෙයි. මම තීන්දුවක් ගත්ත නම් ඒ තීන්දුව තීන්දුවමයි.

මම නපුංසකයෙක් නෙමෙයි. තීන්දුව සැරින් සැරේ වෙනස් කරන්න. මට වැඩක් නෑ ෂෙඩ් එක ගන්න මිනිහගේ දේශපාලනය. හැබැයි ෂෙඩ් දාන්න බැහැ. නිල්වලා ගඟේ වතුර තමයි මෙතන ඉන්න සේරම බොන්නේ. මොකා මොන පාටින් තීන්දුව ගන්න කීවත් කොල පාටින් කීවත් නිල් පාටින් කීවත් කවුරු ගන්න කීවත් ඒ තීන්දුව වැරදියි. එච්චරයි කතාව.

කැබිනට් ඇමතිවරයෙක් එතන ඉස්සරහ වාඩි කරවා ගන්න එපා කියන්න.

''මම අස් වෙනවා. නෑ මම අස් වෙන්නේ නෑ''

ඒක ජනාධිපතිතුමාටත් හොද නෑ. ජනාධිපතිතුමා යටතේ තියන ආයතනයක්. ඒක නිසා මේක වෙන්න බෑ. මෙතන බෑ. ඩීසල් ලීටර් දොලොස් දාහක් ගඟට දාලා තවත් වතුර පොවන්න බෑ. එහෙනම් මම මොකටද මේ තනතුරේ ඉන්නේ. මම විසුරුවනවා. මම අස් වෙනවා. නෑ මම අස් වෙන්නේ නෑ.මම අස් වුනොත් ආයේ වෙන බල්ලෙක් දාගෙන මේක කරයි.ඒක කරන්නේ නෑ.ඉල්ලා අස් වෙන්නේ නෑ.

අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති මම. මගේ තීන්දුවට පිටින් වැඩ කරන්නේ කොහොමද? ඒ නිසා මට උත්තර එපා. දැන් කතා කරන්න. සභාපතියටයි. සාමාන්‍යාධිකාරියටයි. ඒ දෙන්නට කියන්න, හෙට මාව ගෙන්න ගන්න එපා කියලා. මට ඔබතුමාගේ උත්තර එපා.

මාතර මිනිස්සුන්ට වහ පොවන්න තෙල් පොවන්න. ඉන්ධන ලීටර් දොලොස් දාහක් ගඟට දාලා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න