හේමසිරි සහ පූජිත් ට ඇප හිමිවේ !

හේමසිරි සහ පූජිත් ට ඇප හිමිවේ !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09 ) නියෝග කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ නීතිපති දප්පුල ලිවේරා ගේ දැඩි බලපෑම් හේතුවෙනි.

මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබුණේ නීතිපති දප්පුල ගේ බලහත්කාරය මතය.

සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනූව එවැනි මිනීමැරුම් චෝදනා ගොනුකිරීමට සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වැඩ බලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න නීතිපති දප්පුල ලිවේරා වෙත දන්වා තිබූ නමුත් නීතිපති ලිඛිත නිවේදන දෙකක් හරහා පොලිසිය වෙත බලපෑම් කර මිනීමැරුම් චෝදනා ගොනුකරන ලෙස දන්වා තිබිණ.

කෙසේ වුවත් අද අධිකරණය හමුවේ දප්පුල ලිවේරා නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හෑල්ලුවට ලක්වූයේ අදාල චෝදනා කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙනි.

ඒ අනුව සැකකරුවන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න