මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙතින් අගමැතිට සුභ පැතුම් !

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙතින් අගමැතිට සුභ පැතුම් !

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් මෑතක දී දිවුරුම් දුන් සියෑන් කේන්ක්‍රෝස් , එම නියෝජිතායතනයේ ප්‍රතිලාභී රටක් වශයෙන් තෝරා ගනු ලැබ ඇති ශ්‍රී ලංකාවට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව පවසා තම සුභ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් එවා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වෙයි.

“මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ප්‍රධාන විධායක වශයෙන් මාගේ සුභාශිංසන ඔබතුමන් වෙත පිරිනමමි. පසුගිය ජුනි මස 24 වන දින මා, එම ධූරයේ දිවුරුම් දුන් අතර එවන් විශිෂ්ට නියෝජිතායතනයක් සහ නිපුණ කාර්ය මණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සළකමි.

ප්‍රවාහනය හා භුමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටළු අවම කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ව එළඹෙන ලද, යෝජිත ඩොලර් මිලියන 480 ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය තවදුරටත් කැපවන බව දැනුම් දෙනු කැමැත්තෙමි.

මෙවන් තීරණාත්මක අවධියක, නිශ්චිත කාලයේ දී මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අපි උනන්දු වන්නෙමු. ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් අප දෙරට සතුවන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔබතුමාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරමි.

මෙයට විශ්වාසී,

සියෑන් කේන්ක්‍රෝස්

ප්‍රධාන විධායක නිලධාරී,

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න