මරණ දඬුවම අත්හිටුවමු : එජාප මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ !

මරණ දඬුවම අත්හිටුවමු : එජාප මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ !

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම අත්හිටුවීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ඳුලාල් බණ්ඩාරිගොඩ මෙම යෝජනාව යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවත් එය පක්ෂයේ ප්‍රතිපත්තියක් බවත් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණ.

මනුෂ්‍යත්වයට නිගාවක් - අගමැති රනිල්

එම ප්‍රකාශය යළිත් අවධාරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක ක්‍රියාකර තිබු අතර ඒ උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධන මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා කිසිදු ජනාධිපතිවරයෙකු මරණ දඩුවමට අත්සන් නොකළ නමුත් නමුත් අද වන විට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් ඇතිව තිබෙන බවත්, මනුෂ්‍යත්වයට නිගාදෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

සජිත් වෙනම ලයින් එකක !

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකඅමාත්‍ය සජිත් ප්‍රේමදාස පසුගියදා පැවති උත්සව සභාවකදී සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම කල යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න