සෝපා ගිවිසුමක් ගැන කථා කර ජනතාව නොමග යැවීමට එරෙහිව ඉදිරියේදී එහි සත්‍ය ජනතාවට අනාවරණය කරන වැඩසටහනක් අරඹන බවත් කවුද 95 ඉස්සෙල්ලාම සෝපා ගිවිසුම අත්සන් කළේ ? කවුද 2007 අත්සන් කළේ ? 2011 අත්සන් කළේ කවුද ? යන සියල්ල එහිදී ජනතාව හමුවේ හෙළිකරන බව තලතා අතුකෝරල අමාත්‍යවරිය පවසයි.
"අද එක එක්කෙනා ගෙනල්ලා විවිධ මත හදන්න උත්සාහ කරනවා, දුෂ්කර ගම්මානවලට ඇවිල්ලා රට ඇමෙරිකාවට දීලා කියනවා. ඉස්සෙල්ලා කිවුවා චීනෙට දීලා කියලා.චීනෙට හම්බන්තොට වරාය විකුණලා තිබුණා.ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා ගොඩ නැගෙන පෝට් සිටි එක අක්කර 534 ක් සින්නක්කරව විකුණලා තිබුණේ . අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ තමයි 06 වතාවක් චීනෙට ගිහිල්ලා නැවත ගත්තේ. රාජපක්ෂ පාලනය රටේ හමුදා මූලස්ථානය තිබුණු තැන අක්කර 20 ක් සින්නක්කරව චීනෙට විකුනුවා" යැයි ද අමාත්‍යවරිය එහිදී සිහිපත් කළාය .
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මේ බව සඳහන් කර සිටියේ, ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය 2019 වැඩ සටහන යටතේ නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික ජ්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ මුල්ගම ප්‍රජා ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
මේ සඳහා රුපියල් මිලියන 8.3 ක මුදලක් වැය කිරීමට නියමිත ය.මෙහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 544 ක් වන අතර පවුල් 183 කට පානීය ජල පහසුකම් ලබාදීමට නියමිතයි. ව්‍යාපෘතියේ වැඩ 2019.12.31 අවසන් කිරීමට නියමිතය.මහනුවර යුගයේදී ඉංග්‍රිසින්ට විරුද්ධව පැවති කැරැල්ලේදි නුවර සිට දකුණු පළාතට යාමට ගමන් මාර්ගය ඉදිවී තිබුණේ මුල්ගම ග්‍රාම නිලධාරී වසම හරාහා යැයි ජනප්‍රවාදයේ එයි.දැනට මුල්ගම යනුවෙන් භාවිතා වන ප්‍රදේශය එවකට භාවිතා කර ඇත්තේ ගබඩාගම යනුවෙනි.
එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.
වතුර ටිකක් දෙන්න අපි බෙදෙන්න ඕන නැහැ.මේකෙදි අමනාපකම් ජාතියවත් ආගමවත් දේශපාලනයවත් බලන්න ඒන නැහැ අපි මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඡන්ද බලා ගෙන නෙමෙයි. විහාරස්ථානවලට පමණක් අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් රුපියල් ලක්ෂ විසි හය දාහක් විතර වෙන් කරලා තියෙනවා.ඉස්සර හිටියේ වර ප්‍රසාද ලබාගත් ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් විතරයි. දහම් පාසල් පවත්වා ගෙන යන්න පහසුකම් දෙන්න ඕන. අපේ අගමැතිතුමා විහාරස්ථානවලට දුන්නේ රටේ සල්ලි නෙවෙයි, සම්පුර්ණයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බව කිව යුතුයි.
විදේශිකයෝ අපේ රටට ඇවිල්ලා අපේ පෞරාණික ස්ථාන නරඹලා ඒ සදහා මුදල් ගෙවනවා.ඒ මුදල් යන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලටයි.මේ සල්ලි එදා ගත්තේ දේශපාලන වැඩවලටයි.බිලියන හතරක් මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලේ තියෙනවා.හැබැයි අපේ අගමැතිතුමා මැදහත් වෙලා ඒවා කළා.මේ හැම වැඩ සටහනකම ප්‍රතිලාභය යන්නේ ජනතාවටයි. අද පක්ෂ භේදයකින් තොරව ඒ වර ප්‍රසාද ජනතාවට ලැබෙනවා.ජනාධිපතිතුමා පත් කරන කොට අපි කිවුවේ නැහැ ජලය දෙනවා පාරවල් හදනවා රැකියා දෙනවා මොකුත් කිවුවේ නැහැ .අපි කිවුවේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා කියලා.එදා අධිකරණයට බලපෑම් ආවා.සමහර අය හිතා ගෙන ඉන්නේ මට පුළුවන් කියලා අධිකරණයට බලපෑම් කරන්න.එහෙම එදා වගේ බැහැ.අද කැමති කෙනෙකුට කැමති විදිහට දේශපාලනය කරන්න පුළුවන් .අපේ පවුල්වාදය නැහැ.මෙයා තමයි රජ කරවන්නේ කියලා නැහැ.මේක අපි සියලු දෙනාම සහොදරත්වයෙන් ජීවත් වුනු රටක්.අප්‍රේල් 21 වැනිදා සිද්ධියක් වුණා.ඒත් එක්ම අපි ඇණ කොටා ගන්න ගියා නම් .අර අවුරුදු 30 ක් තිස්සේ රට ආපස්සට ගියා වගේ ආයේ යන එක වළක්වන්න බැහැ.

