අතීතයේදී ත්‍රිකුණාමලය වරායේ සිට පොලොන්නරුවට නැව් පැමිණි යුගයක් තිබුණ බවත් ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය පසුකර යෑමට ලෝකයට තවමත් නොහැකි වී ඇති බවත් ජනපති සිරිසේන පවසයි.
ජනාධිපති සිරිසේන මේ බව සදහන් කර ඇත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ පැවැති තරුණ නිපුණතා වැඩසටහට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද සදහන් කර තිබේ.
“අපිට තවමත් මේ අධි තාක්ෂණික ලෝකයේ මීට අවුරුදු 1000කට 1500කට එහා මේ රටේ තිබුණ පුරාණ තාක්ෂණයට එහා යන්න අපිට පුළුවන් වෙලා නෑ.
පොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා.
මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.
පැරණි වාරි තාක්ෂණය, පැරණි කෘෂි තාක්ෂණය, පුරා විද්‍යා තාක්ෂණය ගැන කථා කළොත් අපි ජාතිකයක් ලෙස සතුටුවෙන්න ඕන තාමත් අපිව පහු කරලා නෑ ලෝකය.”

