පාස්කු තේරීම් කාරක සභාවෙන් මාධ්‍ය වාරණයක් !

පාස්කු තේරීම් කාරක සභාවෙන් මාධ්‍ය වාරණයක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසීය.

ලබන 24 වැනිදා පැවැත්වෙන කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාවට බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු කැඳවා තිබීම හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් එක්ව මෙම තීරණය ගත් බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

ඒ අනුව එදිනට සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණෙන කිසිදු නිලධාරියෙකු ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට මාධ්‍යවලට ඉඩ ලබා නොදෙන බවද ඔහු පැවසීය.

එසේම බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වියහැකි යැයි විවිධ පාර්ශ්ව පෙන්වාදී තිබෙන බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය.

මේ දක්වා සාර්ථකව සාක්‍ෂි විමසීම් සිදුකළ කාර්ක සභාවට අනවශ්‍ය චෝදනාවකට ලක්වීමට හෝ එහි කටයුතු සම්බන්ධව සමාජය තුළ අවිශ්වාසයක් ඇති වීමට ඉඩදිය නොහැකි බවත් පැවසූ සභාපතිවරයා, එළැඹෙන 24 වැනිදායින් පසුව තවත් කිහිප දෙනෙකුගෙන් සාක්‍ෂි ලබාගෙන විශේෂ කාරක සභාවේ කටයුතු අවසන් කරන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න