Language Switcher

V2025

TNL නාලිකාවට නඩු නොදාන හේතුව : ඇමති මංගල කියන කතාව මෙන්න !

තමාට එල්ල කරන ලද ව්‍යාජ චෝදනා වලට වන්දි වශයෙන් රුපියල් මිලියන 1000 ක් තීනියාවල පාලිත භික්ෂුව ගෙන්ද, කිසිදු සොයා බැලීමකින් තොරව ඒ ව්‍යාජ පුවත ප්‍රචාරය කළ හිරු නාලිකා අධිපති රෙනෝ ද සිල්වාගෙන් තවත් රු.මිලියන 1000 ක්ද, දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීරගෙන් තවත් රු.මිලියන 1000 ක්ද වන්දි ඉල්ලා නඩු පැවරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය නීතිඥයන්ට බාර දී තිබේ.

කෙසේවුවද දෙරණ හා හිරු ප්‍රවෘත්ති විකාශයන්ටත් වඩා වැඩි කාලයක් යොදාගනිමින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව තීනියාවල භික්ෂුවගේ අවලාද වලට ප්‍රචාරයක් ලබාදුන් TNL නාලිකාව සම්බන්ධයෙන් ඇමතිවරයා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙමින් තිබේ.

ඒ TNL නාලිකාව තීනියාවල පාලිත හිමිගේ ප්‍රකාශය සඳහා මිනිත්තු 4ක පමණ දීර්ඝ කාලයක් ලබාදීමට කටයුතු කර තිබීම නිසාය.

ඔය චැනල් එක මිනිස්සු බලනවද ?

මේ සම්බන්ධව නිව්ස්ටියුබ් විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතින් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ TNL මිනිසුන් නොබලන නාලිකාවක් බැවින් ඊට නඩු පැවරීමට තරම් දෙයක් නොමැති බව තම තක්සේරුව වූ බවය.

තමන් කාලයක් මෙරට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල බැවින් සෑම මාධ්‍යයකම රේටින් සම්බන්ධව හොද අවබෝධයක් ඇති බවත් එහිදී ඉතා පහළින් ඇති TNL වැනි ආයතනයක් වෙත නඩු දමා වියදම් කිරීම අනවශ්‍ය සහ තේරුමක් නොමැති දෙයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සේරම කළේ ඉෂිනි !

මේ අතර තීනියාවල පාලිත හිමි මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධව නැගූ අභූත චෝදනා රාජපක්ෂ හිතවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පවා විකාශය කරවීමට මැදිහත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු වන ඉෂිනි වික්‍රමසිංහ බව ද ලීඩර් වෙබ් අඩවිය චෝදනා නගා තිබුණි.

මේ සම්බන්ධව අප මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ශවය වෙතින් වැඩිදුරටත් අදහස් විමසීමේදී අඅමාත්‍යවරයාට අතිශය සමීප කාර්‍ය මණ්ඩල නිලධාරීයකු අනාවරණය කර සිටියේ එම තොරතුර සත්‍ය බවය.

පෞද්ගලික කෝන්තරයක් !

කාලයක් ඉෂිනි වික්‍රමසිංහ මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල බවත් එහිදී ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඇය අමාත්‍යවරයා සමග දැඩි අමනාපයක් ඇතිකර ගෙන සිටින බවත් ඔහු පැවසීය.

ඊට හේතු වූ කරුණ අනාවරණය කරමින් අදහස් දැක්වූ එම නිලධාරීයා මෙසේද පැවසීය.

අන්කල්ට නැත්නම් ගෝඨාට සපෝර්ට් එක !

"එතුමිය කාලයක් ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කලා. නමුත් එක් අවස්ථාවක සිදුවූ කතා බහකදී ඇය සදහන් කර තිබුණා "අපේ අංකල්ට ( අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ) ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් තමන් ගෝඨාභය රාජපක්ෂ වෙත බලය ලබාදීමට සහය දක්වා ඒ වෙනුවෙන් කටයුතු කරනවා" කියලා. ඔන්න ඔය කතාවෙදී තමයි ගෝඨාභය වැනි මිලිටරි අදහස් ඇති , ඒකාධිපති පාලනයක් ගෙන ඒමට තරම් අදහසක් පැවතීම ගැන කතා බහක් ඇති වුණේ. බලය වෙනුවෙන් එතරම් අවධානමක් වෙත ජනතාව ඇද දැමීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි ඇමතිතුමාගේ අදහස වුණේ. ඔය කතාවෙන් පස්සේ තමයි ඇමතිතුමා දැනුම් දුන්නේ වහාම පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට.

එතනින් පස්සේ තමයි මේ වෛරය. ඔයාලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් TNL නාලිකාවේ විනාඩි ගණනක ප්‍රවෘත්ති විශේෂාංගයක් කරවීමට පවා කටයුතු යෙදුණා. වෙන කිසිම නාලිකාවක් ඒ කටයුත්ත කළේ නෑ. "