මාලිමා ආණ්ඩුව මෙච්චරට ම ආඩම්බර ඇයි...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව මෙච්චරට ම ආඩම්බර ඇයි...? - Ideas front වීඩියෝවක්

පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ අපි, මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ යුද වාතාවරණය තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක දේශපාලනය නොකරන්නැයි ආණ්ඩුව විපක්ෂයෙන් ඉල්ලා සිටිය ද ජවිපෙ විපක්ෂයේ සිටිය දී කළේ ද මෙබඳු අවස්ථාවල දේශපාලනය කිරීම බවයි.

එකල දිනයක මේ සම්බන්ධයෙන් අනුර කුමාර සමග කතා කළ මොහොතක එදා ඔහු පැවසුවේ ''මේ වෙලාවෙ තමයි අපිට බලය ගන්න පුළුවන්,'' යැයි පැවසූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න