තිස්සගේ දුවගේ පත්වීමට : ඇමති මංගල විරුද්ධවූ පුවත අසත්‍යක් !

තිස්සගේ දුවගේ පත්වීමට : ඇමති මංගල විරුද්ධවූ පුවත අසත්‍යක් !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි අත්තනායක මෙනවියට ලබාදුන් තානාපති කාර්යාල පත්වීමක් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වාර්තා වෙයි.

අදාළ පුවතේ සඳහන්ව තිබුණේ අත්තනායකගේ දියණිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නිර්දේශයක් අනුව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පත්කර තිබූ බවත් නමුත් දුල්මිණි අත්තනායකට අදාල තනතුර සඳහා කිසිදු සුදුසුකමක් නොමැති බව සඳහන් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට විරෝධය පළකර ඇති බවය.

මේ සම්බන්ධව අප එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වෙතින් විමසු විට ඔහු මෙසේ සිය අදහස් දැක්වීය.

මෙතන මංගල ඇමතිතුමා පටලවා ගත්තේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. මොකද මේකට ඔහු සම්බන්ධ නෑ. මම කියන්නම් මේ ගැන මුල ඉඳලා කතාව.

මාරපන ඇමතිතුමා නිර්දේශ කළේ !

මම රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඉන්න කාළේ මට තිලක් මාරපන ඇමතිතුමා කතා කරා. ඔහු සමඟ කතා කරන අතරේ දුව ගැනත් කතා වුණා. ඒ වෙලාවේ මම තිලක් ඇමතිතුමාට කිව්වා දුවට තියන අධ්‍යාපන සුදුසුකම්. ඒ වෙලාවේ තමයි ඔහු කිව්වේ CV එකක් එවන්න බලන්න කියලා.

මංගල ඉඳලා නෑ : ඉරාන් තමයි ෆයිල් එක බලලා තියෙන්නේ !

පස්සේ කාලෙක මම දුවගේ CV එක දුන්නා. ඒ තියන අධ්‍යාපන සුදුසුකම් අනුව තමයි දුවට මේ තනතුර ලැබුණේ. මේ ප්‍රශ්නය ආව නිසා මම ඒ ගැන හොයලා බැලුවා. ඒ ලැබුණ තොරතුරු අනුව තිලක් මාරපන ඇමතිතුමා මේ තමන්ගේ නිර්දේශය කැබිනට් මණ්ඩලයට යොමුකරලා තිබුණා. පස්සේ ඒ ගැන අවශ්‍ය නිර්දේශ ගන්න මුදල් අමාත්‍යංශයේ තිබෙන කමිටුවට යොමුකරලා. මංගල ඇමතිතුමා නොහිටපු දවසක ඉරාන් වික්‍රමරත්න තමයි මේ ෆයිල් එක අධ්‍යයනය කරලා තියෙන්නේ. ඔහු දන්නේ නෑ, දුල්මිණි අත්තනායක මගේ දුව කියලා. ඔහු නිර්දේශ කරලා තියනවා දුල්මිණිට ලංකාවේ රාජකාරි කරලා අත්දැකීම් නැති නිසා තවදුරටත් මේ ගැන සළකා බැලුවොත් හොඳයි කියලා.

දරුවා දැන් ඒ රස්සාවට යන්න බෑ කියනවා : අපි අපි දේශපාලනයට හැපෙමු - ඒත් බිරිඳ දරුවෝ ඒවාට ගාවන්න එපා !

මේ කමිටුවේ ඉන්න රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා පස්සේ කියලා තියනවා, කැබිනට් අනුමැතිය සහ මූලික සුදුසුකම් සම්පුර්ණ නිසා ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තටම මගේ දරුවා අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ නිසයි, මේ තනතුරට නිර්දේශ වුණේ. නමුත් දැන් මේක දේශපාලන ගේම් එකක් වගේ පේන විදිහට නිව්ස් එකක් කරලා නිසා ඒ දරුවා තනතුර භාරගන්නත් බෑ කියනවා. ඇත්තටම මගේ නම මොකට දාගෙන නිව්ස් හැදුවට ප්‍රශ්නයක් නෑ, මොකද මම ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න නිසා. ඒත් මේ දරුවෝ මේවට ගාව ගන්නේ ඇයි ? පවුල මේවට ගාවන්නේ ඇයි ? ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්.

ඒ වගේම තමයි, දේශපාලන මත මොනවා වුණත් මංගල ඇමතිතුමා මගේ හිතවතෙක්. ඔහු මේ වගේ වැඩ නොකරන බව මම දන්නවා. ඒ හිතවත්කම එහෙම්ම තියනවා. ඒ නිසා ඔය ප්‍රවෘත්තිය මම තරයේම ප්‍රතික්ෂේප කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න