Language Switcher

V2025

ගෝඨාගේ සහතික මහින්දටත් සැකයි : 2020ට දිනේෂ් ගුණවර්ධන සූදානම් කරයි !

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා පනවා ඇති කොන්දේසි සපුරාලීමට ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් අසමත්ව

සිටීම ගැන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

di 1ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බව සඳහන් ලියවිල්ලක් ඊයේ (30) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අදහස කුමක්දැයි කළ විමසීමේදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය කියා සිටියේය.

''ඒක ව්‍යාජ ලියවිල්ලක් බව ගෝඨාභය ම පිළිගෙන තියනවා. එත් එයා කියන්නේ හරි එක එයා ළඟ තියනවා කියලා. කොහොම වුණත් අගෝස්තු 11 පොහොට්ටුවේ සම්මේලනයට ඉස්සෙල්ල ඒ ලියවිලි ප්‍රසිද්ධ කරන්න වෙනවා. යම්හෙයකින් ගෝඨාභයට ඉදිරිපත් වෙන්න බැරි වුනොත් දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කරන්න කියල මහ සංඝරත්නයෙන් අපේ මහින්ද ජනාධිපතිතුමාට ඉල්ලීමක් ඉදිරිපත්වෙලා තියනවා ..'' යයි ඒකාබද්ධයේ එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

 මහින්දටත් සැකයක් !

මේ අතර මුල්කිරිගල, තංගල්ල හා බෙලිඅත්ත ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවලට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසුවේ, තමාටත්, ගෝඨාභය, බැසිල් හා නාමල්ටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැකි ලෙස ව්‍යවස්ථාව වෙනස් කර ඇති බවයි.

''දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක මුලදීම කිව්වා මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුලත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකලා. පවුලක් අයින් කරන්න රටක ව්‍යවස්ථාව වෙනස්කරපු අවස්ථාවක් මේක ''යැයි ඔහු එහිදී සඳහන් කළේය.

19 ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති ලියකියවිලි පිළිබඳව මෙතෙක් සැහීමකට පත්ව නොමැති විපක්ෂ නායකවරයා, විකල්පයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයාව සිටි දිනේෂ් ගුණවර්ධනගේ නමද සලකා බලමින් සිටියි.

ගෝඨාභය රාජපක්ෂට යම් හෙයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නොහැකි වුවහොත්, ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න ගැනත් වහාම කල්පනා කර බැලිය යුතුබව ජාතික චින්තයේ නායක ආචාර්ය නලින් ද සිල්වාද විපක්ෂයේ නායකයින්ට අවධාරණය කර තිබිණ.

''අපට අවසාන මොහොතේ තීරණ අරගෙන කිසිවකු ඉදිරිපත් කරන්න බැහැ. ජාතිකත්වය මත පදනම් වූ අපේක්‍ෂකයකු ගැන අප සිතා බලන්න ඕන. ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට තීරණ ගැනීමට ඉඩ නොතබා මහා සංඝයා වහන්සේ හා ජනතාව ඉංගිරිසි සම්ප්‍රදාය නොව අපේ සම්ප්‍රදාය අනුව යමින් අපේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න ඕන'' යයි ඔහු ජාතික චින්තනය 'කාලය' FB පිටුවට සම්පාදනය කළ ලියවිල්ලක සඳහන් වේ.

මේ අතර මහින්ද රාජපක්ෂගේ න්‍යයාචර්යාවරයකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ, 2015 ජනවාරි 08 පරාජයෙන් පසුව, ජනවාරි 10 වන දින කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ පැවසූ 'දැන් දිනේෂ් තමයි ඉන්නේ' ප්‍රකාශය අදටත් සත්‍යයක් වන අතර මෙම ජනාධිපතිවරණයේදී වන විට එය තහවුරු වනු ඇති බවයි.

මේවනවිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය දයාන් ජයතිලක Why not Dinesh Gunawardena? ශීර්ෂයෙන් යුතු 'ඩේලි එෆ්.ටී.' පුවත්පතට සැපයු ලිපියක එම කාරණය සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂනායක හා විපක්ෂයේ අණ‌ දෙන නිලධාරී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි තත්වයක් තුළ අපේක්ෂකත්වය තෝරා ගැනීමේදී අනිවාර්යයෙන් ඉදිරිපෙළ ධාවකයා දිනේෂ් ගුණවර්ධන බව දයාන් අවධාරණය කර සිටියි.