සිංහයෙක් වගේ අණ දෙන්න : SFගෙන් හමුදාපතිට උපදෙසක් !

සිංහයෙක් වගේ අණ දෙන්න : SFගෙන් හමුදාපතිට උපදෙසක් !

සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඒ " ඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා" යනුවෙනි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ දෙවැනිවරට සාක්ෂි දීම අද (31) ආරම්භ වූ අතර මීට පෙරද ඔහු මෙම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සිදු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න