ජාත්‍යන්තර කුණු ගොඩ එහෙ මෙහෙ ගෙනයාම තහනම් : නියෝගය අධිකරණයෙන් !

ජාත්‍යන්තර කුණු ගොඩ එහෙ මෙහෙ ගෙනයාම තහනම් : නියෝගය අධිකරණයෙන් !

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (31) මෙම නියෝගය නිකුත් කළ අතර ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින්ය.

එසේම මෙම බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමේදී අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතු බවත් විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම් විභාගය නැවතත් සැප්තැම්බර් මස 20 වන දා සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න