ශ්‍රීලනිපය සෝදාපාළුව අබියස : ප්‍රතිඵල අගෝස්තුවේ නිකුත් වේ !

ශ්‍රීලනිපය සෝදාපාළුව අබියස : ප්‍රතිඵල අගෝස්තුවේ නිකුත් වේ !

ජනාධිපතිවරණ උණුසුම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි දේශපාලන අර්බුදයකට ලක්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිප ප්‍රබලයන් රැසක් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සහ පොදුජන පෙරමුණ සමඟ එක්වීම මේ අර්බුදයට හේතුවී තිබේ.

මේ වන විටත් ඒ සම්බන්ධව දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධියේ කතා වෙමින් තිබේ.

මේ අතර ඊයේ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා සිටියේ අගෝස්තු එකොළොස් වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් රුසක් එක්වනු ඇති බවය.

වර්තමානය වන විට බිම් මට්ටමේ ශ‍්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී ඇති බවද ඔහු පැවැසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලින් බහුතරයක් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද ප‍්‍රතිපත්ති වී ඇති බවත් එසේම බිහිවන වාමාංශික බලවේගයට එක්වන්නැයිද ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

තවත් පිරිසක් එජාපයට !

එසේම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමඟ එළඹෙන ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ වලදී වෙනම කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමට තවත් ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

දැඩි රාජපක්ෂ විරෝධයක සිටින ඔවුන් නැවත පසුගාමී පවුල් පාලනයක් වෙත රට නතුවීම වැළක්වීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ජනාධිපති සිරිසේන තනතුර වෙනුවෙන් පක්ෂය දුර්වල කර ඇතුවා පමණක් නොව 2015 දී ඔහුව ජනාධිපතිධුරයට පත්කළ බලවේග වෙත පවා ද්‍රෝහී ලෙස කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මේ තීන්දුව ගැනීමට හේතුවී ඇති බවත් දැනගන්නට ඇත.

මේ බව අවස්ථා කිහිපයකදී එජාප ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම තහවුරු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න