රාජ්‍ය බැංකු අඩපණ කිරීමට : බන්දුල බිල්ලෙක් මවයි !

රාජ්‍ය බැංකු අඩපණ කිරීමට : බන්දුල බිල්ලෙක් මවයි !

ආණ්ඩුව මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමට උත්සාහ ගන්නේ නම් සිය තැන්පතු මුදල් රාජ්‍ය බැංකුවලින් ඉවත් කරගෙන තමන්ගේ මුදල්වල ආරක්ෂාව සලසා ගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් සමස්ත මුදල් ක්‍රමයම කඩාගෙන වැටෙනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව උත්සාහ කරන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර මත ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස මුදල් පනත සංශෝධනය කිරීමට බවත් ජාවාරම්කරුවන්ගේ ක්ෂේම භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව මෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස්වලින් තොරව මෙම පනත සංශෝධනය නොකරන ලෙස ජනාධිපති සිරිසේන මහතා ලිඛිතවම කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළේය.

එහෙත් ජනාධිපතිවරයාගේ නිර්දේශ නොතකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම් සිය තැන්පතු මුදල්වල ආරක්ෂාව සඳහා ඒවා රාජ්‍ය බැංකුවලින් ඉවත් කරගන්නා ලෙස ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න