ඇමරිකානු ඉහළ නිලධාරීන් මහින්ද හමුවෙයි : ගෝ අපේක්ෂකයා කිරීමට අවසර ගත්තාද ?

ඇමරිකානු ඉහළ නිලධාරීන් මහින්ද හමුවෙයි : ගෝ අපේක්ෂකයා කිරීමට අවසර ගත්තාද ?

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ විජේරාම පිහිටි නිල නිවසේදී එම හමුව සිදුව ඇති නමුත් එහිදී සාකච්ඡා වූ කිසිවක් මෙතෙක් මාධ්‍ය වෙත වාර්තා වී නොමැති අතර එම හමුවේ ජායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් පමණක් මාධ්‍ය වෙත නිකුත්කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේඅමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින නමුත් පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිත අතර එවන් පසුබිමකයි මෙම හමුව සිදුව තිබීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි.

පොදුජන පෙරමුණ සමුළුව අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිත නමුත් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය මෙතෙක් ඉවත්කර ගෙන ඇති බවට සාක්ෂි නොමැති බවත් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂි පිටපත් පවා ව්‍යාජ බවත් ඔවුන් සිහිපත් කරයි.

එසේම මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් කිහිපදෙනකු අවධාරණය කළේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වය සදහා නම් කිරීමට පෙර ඔහු තවමත් ඇමරිකානු පුරවැසියකු බැවින් ඒ සම්බන්ධව අවසර ගැනීමක් සහ ඉදිරි දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කිරීමට වැඩි ඉඩක් පැවතිය හැකි බවයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වී තිබෙන බවද මාධ්‍ය දර්ශන වල දක්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න