Image

ශ්‍රේෂ්ඨ වීර කාව්‍යයක නවතම සිනමා අනුවර්තනය - ''The Odyssey''

ශ්‍රේෂ්ඨ වීර කාව්‍යයක නවතම සිනමා අනුවර්තනය - ''The Odyssey''

අවුරුදු දහස් ගාණකට කලින් පුරාණ ග්‍රීසියේ වාසය කරපු "හෝමර්" කියන කවියා රචනා කරනවා "ඉලියඩ්" සහ "ඔඩිසි" කියලා වීර කාව්‍යය දෙකක්. මේක ලෝක සාහිත්‍යයේ හඳුන්වන්නේ අති විශිෂ්ට සාහිත්‍ය කෘති දෙකක් විදියට. ලෝක සාහිත්‍යයේ යුග ගණනාවක් පුරා පාඨක අවධානයක් දිනාගත්ත ශ්‍රේෂ්ඨ කෘති දෙකක් විදියට ඉලියඩ් සහ ඔඩිසි රචනා වුණාට පස්සේ මේ කෘති දෙක ඇසුරින් නවකතා, කෙටිකතා, වෙිදිකා නාට්‍ය, චිත්‍රපට බොහෝමයක් නිර්මාණය වෙන්න අඩිතාලම වැටුණා. වීර කාව්‍යයන් ඇතුළේ තියෙන සාමාන්‍ය ලක්ෂණයක් තමයි මිනිසා ගේ අරගලය සහ ජයග්‍රහණ නිරූපණය වීම. වීර රසය වගේම දේවත්වයේ සෙවණැල්ලත් මේ කෘතිවල දකින්න පුළුවන්.

ලොව පුරා සිනමාශාලා දස දහසක තිරගත කරයි

පෙරදිග කලාපය ගත්තොත් මහා වීර කාව්‍ය ද්විත්වය වන "වාල්මිකිගේ රාමායණය" සහ "මහාභාරතය" වගේ අපරදිගට වීර කාව්‍ය වෙන්නේ "ඉලියඩ්" සහ "ඔඩිසි". "ඔඩිසි" වීර කාව්‍ය ඇසුරින් "The Odyssey" නමින්ම චිත‍්‍රපටයක් ජූලි මස 17 වැනිදා සිට ලොව පුරා සිනමාශාලා දස දහසක තිරගත කිරීම ආරම්භ කළා.

MV5BNTcyNmJlZmQtNDUwYy00NDBjLTg1NGQtYTY2Y2UxMWM3NmI1XkEyXkFqcGc. V1 FMjpg UX1000"ඔඩිසි" චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මහා සිනමාකරු ක්‍රිස්ටෝපර් නෝලන්. ක්‍රිස්ටෝපර් නෝලන් ලෝකය අතිශය ජනප්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ "මොමෙන්ටෝ", "ඉන්සෙප්ෂන්", "ඉන්ටර්ස්ටෙලර්", "ඔීපන්හයිමර්", "ටෙනෙට්" යනාදි විද්‍යා ප්‍රබන්ධ, මනෝවිද්‍යාත්මක සහ චරිතාපදාන ශානරයේ සිනමාපට සියල්ල ම ප්‍රේක්ෂකාගාරයට දැඩිව වැලඳ ගත් සම්මානනීය චිත‍්‍රපට.

නෝලන් විසින් "ඔඩිසි" වීර කාව්‍යයේ නවතම අනුවර්තනයක් ලෙස "ද ඔඩිසි" චිත‍්‍රපටය නිර්මාණය කරන්නේ ඔහුගේ එතෙක් මෙතෙක් සිනමා ගමන වෙනසක් සළකුණු කරමින්. මොකද මීට කලින් නෝලන් නිර්මාණය කළේ විද්‍යා ප්‍රබන්ධ ශානරයේ චිත‍්‍රපට නිසා.

වසර දහයක අසීරු ගමනාන්තය

odysseyexport

චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ ඔඩිසි නවකතාවෙහි එන "ඉතාකා" ප්‍රදේශයේ පුරාවෘත්තයක් වන "ඔඩිසියස්" නම් ග්‍රීක රජු, ට්‍රෝජන් යුද්ධයෙන් පසු ට්‍රෝයිපුරයේ සිට තම නිවහනවන ඉතාකා වෙත බලා යන වසර දහයක අසීරු ගමනාන්තය ඇසුරින්.

විද්‍යා ප්‍රබන්ධ හදපු නෝලන් දැන් ඓතිහාසික ශානරයට අතගහලා තියෙනවා. ඓතිහාසික ශානයේ චිත‍්‍රපටයක් කරනවා කියන්නේ අභියෝගයක්. යමිකිසි සිදුවීමක ඓතිහාසිකත්වය තහවුරු කිරීම පිණිස පර්යේෂණාත්මකබව (Experimental) සඳහා දැඩිව අවධානය යොමු කරන්නත් වෙනවා. නැතහොත් චිත‍්‍රපටයේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු පැන නැඟෙනවා. "ද ඔඩිසි" චිත‍්‍රපටය ගැන මට තියෙන්නේ හොඳ ප්‍රතිචාරයක්. ෆිල්ම් හෝල් එකකට ගිහින් බලන්න දෙපාරක් බලන්න හිතෙන විදියට නෝලන් ෆිල්ම් එක කරලා තියෙනවා.

p0nyy0hp.jpg

නෝලන්ට ඔඩිසි හරහා අවශ්‍යය තියෙන්නේ ඔඩිසියස් කියන චරිතයේ තියෙන ගති ලක්ෂණවලට අවධානය යොමු කරන එක. ඔඩිසියස් ගේ මානසික වේදනාවන් සහ අමිහිරි මතක එයා අවුරුදු ගනණාවක් ජීවත් වෙනවා. ඔඩිසියස් යුද්ධයක් කරලා ආපහු ගෙදර එන එක හිතන තරම් ලේසි නැහැ. ඉතාකාවලට ඔඩිසියස් එන්න හදන ගමන ඇතුළෙ මෙතෙක් කාලයක් එයා කවදාවත් නොදුටු අමුතු විදියේ භයානක දේවල් තියෙන බව පේන්න ගන්නවා. ඔඩිසියස් නොහිතපු ලෝකයක් මේ අසීරු ගමන ඇතුළෙ පේනවා.

 

කළු ජාතික නිළිය ගේ හානිය

නෝලන් චිත‍්‍රපටය ඇතුළේ එකම එක චරිතයක් වෙනුවෙන් ෆෝකස් කරනවා. ඒ ඔඩිසියස්. චිත‍්‍රපටය ඇතුළෙ අපිව ආකර්ෂණය කරගන්නේ ඔඩිසියස්ව. මැට් ඩේමන් ඔඩිසියස් චරිතය සාර්ථකව කරලා තියෙනවා. ඒ රංගනය ඔස්කාර් සම්මානයක් වෙනුවෙන් වුණත් සුදුසුයි. ෆිල්ම් එක පටන් ගන්න තැන ඉඳන් අවසානය දක්වාම මැට් ඩේමන්ගේ රංගනය එකම රිද්මයක තිබුණා. මාව ආකර්ෂණය කරගත්ත අනෙක් චරිතය තමයි ඔඩිසියස් ගේ බිරිඳ ගේ (පෙනිලොප්) චරිතය කරන ඇනා හැතවේ ගේ රංගනය. ටොම් හොලන්ඩ් ගේ රංගනයත් මෙහි නරකම නැහැ. රොබට් පැටින්සන් ක්ලයිමැක්ස් එකේ දී තමන් ගේ චරිතය රියලාස්ට්ක් විදියට කරනවා.

the odyssey movie 2026 anne hathaway tom holland 6a58fb5f2afd9

මිථ්‍යාමය දර්ශනවලට නෝලන් වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ. ඔඩිසි කෘතියේ එන මිථ්‍යාමය දර්ශන හුදු නිරූපණ විදියට පෙන්වලා තිබුණා. ඒවා ගොඩක් විස්තරාත්මක නැහැ. හැබැයි එකක් පැහැදිලි වුණා. නෝලන්ට මේ ෆිල්ම් එකේ අවශ්‍ය ඔඩිසියස් ගේ වේදනාව පෙන්වන එක. මට චිත‍්‍රපටයේ අවුලකට කියලා තිබුණේ 99% දශම නමයක්ම සුදු ජාතික නළුවන් යොදාගෙන තියෙද්දි හෙලන්ගේ චරිතයට "ලුපිටා නයෝන්ග්" කියන කළු ජාතික නිළියක යොදාගත්ත එක. ලුපිටා වගේ කළු ජාතික නිළියක් ගත්ත එක චිත‍්‍රපටයට ලොකු හානියක් කරලා තිබුණා.

 

පෞරාණික පරිසරය ඉස්මතු කරන සංගීතය

හෙලන් කියන්නේ ඉතිහාස කතා අනුව ලෝකයේ එ වනවිට හිටපු ලස්සනම කාන්තාව. ලුපිටා තරම් හෙලන් අවලස්සන නැති වෙන්න ඇති. ඒක චිත‍්‍රපටයෙ ඇතුළෙ දැකපු දුර්වල ම නිරූපණයක්. මොකද ඒක අනවශ්‍ය විදියට හයිලයිටි වුණ නිසා. මන්දගාමිව ගලා යන කතාවේ ප්‍රේක්ෂකාගාරය ම උස්සලා පොළොවේ ගහන්නේ ක්ලයිමැක්ස් සීන් එක. කිසිසේත් ම බලාපොරොත්තු නොවු අවසානයක් එක්ක ඔඩිසියස් ගැන හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරලා නෝලන් ෆිල්ම් එක ලස්සනට ඉවර කළා. චිත‍්‍රපටය බලලා අවසානයෙ දී වුණත් ඔඩිසියස් ගේ දෘෂ්ටි කෝණයෙන් අපිවත් ඒ සිදුවීම් දිහා කම්පාවෙන් බලන්න හිතන්න පෙලඹෙනවා. පසුබිමි සංගීතය කරලා තියෙන්නේ ලුඩ්විග් ගොරන්සන්. චිත‍්‍රපටයේ එන්නේ වසර දහස් ගාණක් පැරණි කතාවක්. ඒ කතාවට අවශ්‍යය පෞරාණික පරිසරය සංගීතය විසින් ඉස්මතු කරනවා. ලුඩිවිග්ගේ පසුබිමි සංගීතය සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා.

"ද ඔඩිසි" චිත‍්‍රපටයේ නෝලන්ගේ මුද්‍රාව තියන්නත් අමතක කරලා නැහැ. කාලය (Time) කියන සංකල්පය වඩාත් හොඳින් මතු වෙනවා තිර රචනය ඇතුළෙ. හේතුව තමයි වතුර පාරක් ගලාගෙන යනවා වගේ එක දිගට අනුපිළිවෙළක් තියෙන කතාවක් විදියට නෙමෙයි චිත‍්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. අතීතය, වර්තමානය අතර කතාවෙි සිදුවීමි විටින්විට මාරු වෙනවා. නෝලන් ගේ චිත‍්‍රපටවල තියෙන ආවේණික ලක්ෂණය තමයි මේ කාල හරඹය. නෝලන් ගේ හැම ෆිල්ම් එකකම වගේ කැමරා අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරපු "Hoyte van Hoytema" කැමරා ඇහැ "ද ඔඩිසි" ෆිල්ම් එකෙත් ලස්සන රූපවලින් හැඩ කරලා තියෙනවා. ෆිල්ම් එකේ ගොඩක් රූප චරිතවලට අවධානය යොමු කරවන්න උත්සාහ කරලා තියෙනවා. සමීප රූප (Close Up) බහුලයි. නිල් පාට සහ අඳුරු කොළ පාටක් තමයි චිත‍්‍රපටය පුරා නෝලන් භාවිත කරලා තිබුණේ රූප රාමු වෙනුවෙන්.

 

රටවල් හයක් පුරා තෝරාගත් අලංකාර දර්ශන

Center L to R: Jimmy Gonzales is Cepheus, Matt Damon is Odysseus and Himesh Patel is Eurylochus in THE ODYSSEY, written, produced, and directed by Christopher Nolan.

"ඔඩිසි" රටවල් හයක් පුරා රූගත කරලා තියෙනවා. මොරොක්කෝව, ග්‍රීසිය, ඉතාලිය, අයිස්ලන්තය, ස්කොට්ලන්ත යන රටවල තෝරාගත් අලංකාර දර්ශනතලවල රූගත කරලා තිබුණ නිසා ම චිත‍්‍රපටයේ රූපවලට ගෙනත් දීලා තිබුණේ මනස්කාන්ත බවක්. "ද ඔඩිසි" වගේ වසර දහස් ගණනක් පැරණි පුරාණෝක්ති අන්තර්ගත කෘතියක් 21 වැනි සියවසේ අයිමැක්ස් වගේ සිනමා තාක්ෂණයක් මගින් නැවත ප්‍රතිනිර්මාණය කිරීම වටින වැඩක්. ඒ වගේම "ද ඔඩිසි" හරහා සනාථ කරන කාරණාවක් තියෙනවා.

සිනමාව කියන්නේ සම්ප්‍රදායන්, සංස්කෘතීන්, අතීත කලාව ඉදිරි පරම්පරාවන්වලට වෙත ගෙන යන තාක්ෂණික මෙවලම් සහිත යාවත්කාලීන කලා මාධ්‍යයක් විදියට තහවුරු වෙනවා. "ද ඔඩිසි" අනිවාර්යයෙන්ම තියටර් එකකම බලන්න කියලා ඉහළින්ම නිර්දේශ කරනවා. නෝලන්ගේ චිත‍්‍රපට නාමාවලියේ හොඳම චිත‍්‍රපට තුන අතරට "ද ඔඩිසි" චිත‍්‍රපටය ඇතුළත් කරන්න බැරි වුණත් 2026 බලපු හොඳ ප්‍රඩක්ෂන් එකක් කියලා කියන්න පුළුවන්.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

 

 

 

සටහන - මලින්ත විතානගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න