බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.
බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව නියෝජනය කරන පළමු අමාත්‍යවරිය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන්, සිවිල් යුද්ධය සමයේ ශ්‍රී ලංකාවෙන් පලා ආ යාපනයවාසී දෙමළ ජාතික දෙමාපියන් ගේ දියණියකි. අද පටන් ඇය නව විදේශ අමාත්‍ය එඩ් මිලිබෑන්ඩ් යටතේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යවරියකි. (Parliamentary Under-Secretary of the State in the Foreign, Commonwealth and Development Office).
බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව නියෝජනය කරන පළමු අමාත්‍යවරිය බවට පත්වීම ගැන සතුටුවන බව ඇය සිය ෆේස්බුක් පේජයේ සටහනක් තබමින් සන්ධහන් කර තිබිණ. "මගේ දෙමාපියන්ට ක්ෂේමභූමියක් වූ බ්‍රිතාන්‍යය, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගාගෙන දියුණුවීමට අතහිත දුන්," බව ද උමා කුමාරන් අමාත්‍යවරිය පවසන්නීය.

Parliamentary Under-Secretary of the State යනු බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පහළම ස්ථරය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පදවියකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Minister යනු නියෝජ්‍ය අමාත්‍ය පදවියක් වන අතර, එය Parliamentary Under-Secretary of the State පදවියට වඩා තනතුරෙන් ඉහළ ය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ Secretary of the State යනු කැබිනට් අමාත්‍ය පදවියයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන, කොන්සර්වේටිව් පාක්ෂික අගමැතිනි ලිස් ට්‍රස් යටතේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය. පසුව ඔහුට නයිට් නාමයක් පිරිනැමිණ. ශ්‍රීමත් රනිල් ජයවර්ධන ගේ පියා, බද්දේගම අබේවික්‍රම/ ලැනරෝල් පවුලේ සාමාජිකයෙකි.

සරෝජ් පතිරණ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
