කාම්බෝජ අගමැතිගේ අවුරුදු 45 පාලන සිහිනය : සිරිසේනගේ හිත දිනාගෙන !

කාම්බෝජ අගමැතිගේ අවුරුදු 45 පාලන සිහිනය : සිරිසේනගේ හිත දිනාගෙන !

තමන් දැනට කාම්බෝජයේ අගමැති ලෙස වසර 35ක් කටයුතු කළ බවත් තවත් වසර 10ක් පාලනයේ සිටින්නට අදහස් කරගෙන සිටින බවත් කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයාම තමන් වෙත පැවසූ බව ජනාධිපති සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

“මං පසුගිය සතියේ ගියෙ කාම්බෝජයට. කාම්බෝජයේ ජනගහණයෙන් 70%ක් වයස 18 – 35 අතරෙ. පොල්පොට් පාලනය 1970 දශකයේ මුල කාම්බෝජයේ ලක්ෂ 25කට වැඩිය මරලා දැම්මා. සියලුම වෘත්තිකයින් උගතුන් සියල්ල මැරුවා. වැඩිහිටියො සියලු දෙනාම මරලා දැම්මා. අපි වගේ දෘෂ්‍යාබාධවලින් පෙළෙන කණ්නාඩි දාන ඔක්කොම මරලා දැම්මා.

කණ්නාඩි දාන අය ඔක්කොම පොල්පොට් හැඳින්නුවෙ පොල්පොට්ගේ පාලනයට විරුද්ධ ඔත්තුකාරයො හැටියට. පොල්පොට්ට අහුවුණා නම් මාත් එක්ක මෙතන කණ්නාඩි දාලා ඉන්න ඔක්කොම මරලා දානවා.

ඉතින් දැන් ඉන්න අගමැතිතුමා එයාම මට කිව්වා ‘මං දැන් අගමැති විදියට කාම්බෝජයේ අවුරුදු 35යි කියලා. මං ඇහුවා තව කීයක් ඉන්නවද කියලා. කාම්බෝජ අගමැතිතුමා කිව්වා දැන් 35ක් හිටියා අගමැති හැටියට තව 10ක් ඉන්නවා කියලා. ඉතින් එහෙම රටවලුත් තියෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න