Language Switcher

V2025

අකිල 2025 ගැන සිහිනයක :සජිත්ට දෙන්නෙම නැහැ ලු !

මෙවර ජනාධිපතිවරණය පරාජය වුවද සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉඩ නොතබන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර අද (10) රාත්‍රී පැවැත්වීමට නියමිත සාකච්ජාව ගැන ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු අද පෙරවරුවේ කළ විමසීමක දිය.

''මෙපාර ඉල්ලුවොත් පරදිනවා කියලා නායකතුමා හොඳින්ම දන්නවා. එත් එතුමා කිසිඳු හේතුවකට සජිත්ට නම් අපේක්ෂකත්වය දෙන්නේ නැහැ. එක ෂුවර්. සාගලටත් ඒගැන සහතික වෙලා තියනවා. සජිත්ට අපේක්ෂකත්වය දුන්නොත් පක්ෂ නායකත්වයත් එයාටම දෙන්න වෙනවා. එහෙම වුනොත් ලොක්කගේ ටීම් එකම ඉවරයි. ඉස්සෙල්ලම ගුටි කන්න වෙන්නේ මටයි වජිරටයි. සාගල නම් දැන් සාකච්ජාවලට එන්නෙත් නැහැ.දැනටම වැටිලා ...

විපක්ෂයට ගියත් 2025හිදී මම ගොඩ

කරන්න දෙයක් නැහැ මේ පාර පැරදුනත් 2025 දී මට චාන්ස් එකක් තියනවා. එතකන් ලොක්කා පක්ෂ නායකත්වයේ තියා ගන්න ඕන. ලොක්කා සජිත් එක්ක කතා කර කර ඉන්නේ ටයිම් ගන්න.'' යයි අඛිල ඇමතිවරයා ඔවුන් කිහිප දෙනා හමුවේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

සාගලගේ හා අකිලගේ අනාගතය ගැන රනිල් බියකින් !

අගමැතිවරයාගේ ස්ථාවරය පිළිබඳව 'නිව්ස් ටියුබ්' කළ  විමසීමක දී අදහස් දැක්වූ අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, අගමැතිවරයා, සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දීමට අදිමදි කරන්නේ සාගල රත්නායක හා අඛිල විරාජ් අමාත්‍යවරුන්ගේ බලපෑම් හේතුවෙන් බවයි.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දුනහොත්, සාගල රත්නායක හා අඛිල විරාජ් අමාත්‍යවරුන්ගේ දේශපාලන අනාගතය අවධානමට ලක්වේදැයි අගමැතිවරයා දැඩි බියකින් පසුවන බව කියා සිටි එම නිලධාරියා, නායකතුමාට අගමැතිකම දෙන බවට මංගල, මලික්, කබීර් ඇමතිවරු පොරොන්දු වී ඇතත් සජිත් ජයගත් පසු එය පොරොන්දුවකට පමණක් සීමාවනු ඇතැයි අගමැතිවරයාගේ අදහස බවද වැඩිදුරටත් පැවසිය.