ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක හමුවක් අද (15) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේ පැවති සුළු පක්ෂ නායකයන් අතර හමුව සඳහා ද ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත ආරාධනා කර තිබූ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුණ බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය දන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස වෙත තම අදහස වේලාසනින් දන්වා ඇති බවය.
මෙම හමුව අවසන් වන තෙක් ඊයේ (14) රාත්‍රියේ පැවැති සජිත් පාර්ශවය හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ ප්‍රසිද්ධ නොකිරීමටද තීරණයක් ගෙන තිබෙන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
