කඩුවෙල ඔරිජිනල් ශ්‍රිලනිප නායකයා : එජාපයට එක්වෙයි ! වැල ඕපන් !!

කඩුවෙල ඔරිජිනල් ශ්‍රිලනිප නායකයා : එජාපයට එක්වෙයි ! වැල ඕපන් !!
කඩුවෙල හිටපු නගරාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ජී.එච්.බුද්ධදාස  අද (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහාය පලකර ඇත.
 
ජනාධිපතිවරණය ඇතුළු එළඹෙන මැතිවරණ වලදී   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයකට සිය සහාය දක්වන බවත් එහිදී ඔහු පවසා තිබෙන බවත් වාර්තා වෙයි.
 
මෙම අවස්ථාව සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල නගර සභා අපේක්ෂක තිලිණ හසරැල් ද එක්ව ඇත.
 
ජී.එච්. බුද්ධදාස කඩුවෙල ප්‍රදේශයේ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීකයෙකු වන අතර පක්ෂයේ ජේෂ්ඨයකුද වෙයි.
 
ජනාධිපති සිරිසේන යටතේ දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභාවයට යන බවත් ඒ වළක්වා ගැනීමට කොතරම් ප්‍රයත්න දැරුවත් අවසානයේ තමන් මෙම තීරණය ගනු ලැබූ බවත් ඔහු පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
එසේම ප්‍රගතිශීලී ශ්‍රිලනිප පාක්ෂිකයන් මිනීමරු රාජපක්ෂ රෙජීම පාලනයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ගොඩනගන එජාපය වටා තවදුරටත් එක්වනු ඇති බවත් ඔහු පවසා තිබේ.

FB IMG 1569071618649

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න