අගමැති ලේකම්ගේ බිරිඳ ජනාධිපති කොමිසම හමුවේ හඬා වැළපෙයි: (VIDEO)

අගමැති ලේකම්ගේ බිරිඳ ජනාධිපති කොමිසම හමුවේ හඬා වැළපෙයි: (VIDEO)

ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට කිරි දෙනුන් 20,000 ක් පමණ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන අමාත්‍ය පී.හැරිසන් අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද එය දිගටම සිදුකර ගෙන යන ලෙසට තමන්ට උපදෙස් ලැබුණු බවත් පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රේණුකා ඒකනායක ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

හිටපු ලේකම්වරියක වන රේණුකා ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකගේ බිරිඳයි. 

2017 / 2018 වර්ෂවලදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්  ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට ගැබ්බර කිරි දෙනුන් ආනයනය කිරීමේදී  වංචා සිදුවී ඇතැයි කියමින් ගොනු  වූ පැමිණිල්ලකට අදාළව සාක්කි දෙමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය කියා සිටියේය. 

මෙම කිරි දෙනුන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ විවිධ ගැටලු ගැන  ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය  පී.හැරිසන් ද ඉතා හොදින් දැන සිටියේ යැයි එසේම මෙම ව්‍යාපෘතිය text 24 09යටතේ ගෙන්වූ ගැබ්බර දෙනුන් විවිධ රෝගාබාධ වලට ලක්වීම හා කිරි ගොවීන්ට ඇති වූ අපහසුතාවන් ගැන අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණන වාර්තාවක් ලබා ගත් බව හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ ව්‍යාපෘතියේ ගැටලු ගැන අමාත්‍ය පී.හැරිසන් ඇතුළු අදාළ බලධාරීන්ට දැන්වුවද  තමන්ට එම ව්‍යාපෘතිය දිගටම සිදු කර ගෙන යන ලෙසට උපදෙස් ලැබුණු බවද ඇය කොමිසම හමුවේ කීවාය.

''අත්සන් තැබුවත් ඒ ගැන දැනුමක් තිබුනේ නැහැ'' 

කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ලේකම්වරිය කියා සිටියේ මෙම කිරි ගවයින් ගෙන්වීමට අදාළ ව්‍යාපෘතියේ ලේඛනවලට තමන් අත්සන් තැබුවත් ඒ සම්බන්ධයෙන් දැනුමක් නොතිබීම හේතුවෙන් සොයාබලා කටයුතු කිරීමට අතිරේක ලේකම්වරයෙකුට බලය පැවරීමට කටයුතු කළ බවයි.

එසේම මේ කිරි දෙනුන්ගේ මතු පිට පුෂ්ටිමත්භාවය සොය බලා වාර්තා ඉදිරිපත් කිරීමට තමන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු, පශු වෛද්‍යවරයෙකු ඇතුළු තිදෙනෙකු ගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් නවසීලන්තයේ දින 6 ක සංචාරයක් සඳහා යැවූ බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තාය.

ආනයනය කරන අවස්ථාවේ ගැබ්බර කිරි දෙනුන්ට රෝග වැළඳී නොතිබුණු අතර ඔවුන් බිහිකළ පැටවුන්ට රෝග වැළඳී ඇති බවට තමන් පසුව දැනගත් බවද හිටපු ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

''කිරි ගොවීන් මුහුණපෑ අපහසුතා ගැන කණගාටුයි"

එමෙන්ම මෙම ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබු  බව පිළිගත් හිටපු ලේකම්වරිය මේ හරහා කිරි ගොවීන් මුහුණපෑ අපහසුතා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව කොමිසම හමුවේ කියා සිටියාය.

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් 2017 /2018 වර්ෂවල දී  ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා කිරි ගවයින් 20,000 ක් පමණ ආනයනය කිරීමේදී වංචා සිදුව ඇතැයි කියමින් එම දෙනුන් ගෙන්වූ ලැමෙන්හොර් වතුයායේ හිමිකරු වන අමල් සූරියගේ මෙම පැමිණිල්ල කොමිසමට ඉදිරිපත් කර තිබිණි.

එම කිරි දෙනුන් මෙරට කිරි ගොවීන් සඳහා  ලක්ෂ 4 ත් 5 ත් අතර ඉහළ මිලකට අලෙවි කර ඇති අතර ගොවීන් බැංකු ණය මගින් මුදල් ලබාගෙන කිරි ගවයන් මිලට ගෙන තිබූ අතර ඉන් වැඩි පිරිසක් පසුව මිය ගිය බවද එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා තිබිණි.

(උපුටා ගැනීම් -ලංකාදීප)

LINK 

කිරි දෙනුන් ගෙන් වූ ව්‍යාපෘතිය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් සාක්කි දෙයි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න