විමල් සහ ගම්මන්පිල සයිලන්ට් කර : බැසිල්ගේ ඩමි දෙකක් කරළියට !

විමල් සහ ගම්මන්පිල සයිලන්ට් කර : බැසිල්ගේ ඩමි දෙකක් කරළියට !

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ ද ඒකරාශිකර ගනිමින් නව සන්ධානයක් ගොඩනගන්නයි විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන පක්ෂනයකයින් දිගින් දිගටම කරන ඉල්ලීම මුළුමනින්ම නොසලකා හරිමින් සිටින 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, මේවනවිට ඔහුගේ දීපව්‍යාප්ත සංවිධාන ජාලය හරහා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භකර ඇත.

එහිදී ඔහු තමන්ගේ සමීපතම ගෝලයින් දෙදෙනෙකුවන සිරිපාල අමරසිංහ හා ජයන්ත කැටගොඩ 'ඩමී අපේක්ෂකයින්' ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. 

සිරිපාල අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන අතර ජයන්ත කැටගොඩ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ෆොන්සේකාගේ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි. මේවනවිට මොවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැම්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් සන්ධාන ගතවීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ එම සන්ධානයේ අපේක්ෂකයා ලෙස පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරන බවට පසුගිය 11 වැනිදා බැසිල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හරහා විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයින්ට දැනුම් දී තිබුන ද පසුගිය 20 වෙනිදා ගෝඨාබය වෙනුවෙන්  ඇපමුදල් තැම්පත් කර ඇත්තේ සන්ධානයක් පිහිටුවීමේ කතා කිසිඳු ලෙසකින් හෝ මායිම් නොකරමිනි.

සන්ධානය හැදීමට සහ සෙසු පක්ෂ සමග එකගතාවයකට එළඹීමට පෙර ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඇප බැදීම මගින් පොහොට්ටුවේ නායකයින් විසින් සෙසු පක්ෂ හෑල්ලුවට ලක්කොට ඇති බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන lankaleadnews.com වාර්තා කරයි.

කෙසේවුවද ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග තමන් වෙනවෙනම ගිවිසුම්වලට එළඹීමට සුදානම් බව ගෝඨාබය රාජපක්ෂ විමල් විරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න