ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය අවදානමකට ලක් කරමින් ඊයේ (30) සිවිල් සමාජ ක්‍රියාධරයන් දෙදෙනෙකු විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමත් සමග ඔහුට සහාය සදහා ඉදිරිපත් වූ පිරිස්වල විශාල මන්දෝත්සාහී බවක් ඇතිවී තිබීම හේතුවෙන්, එය පාලනය කර ගැනීම සදහා මේ වන විට ජෝතිෂ්‍ය සරණ පතා ඇත.
ඒ අනූව ගෝඨාභය රාජපක්ෂට වාසිදායක මත පළ කරන ලෙස විශාල ප්‍රමාණයක් මුදල් ගෙවා පේනකරුවන්ගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමට පොහොට්ටු පාර්ශවයේ ප්‍රචාරක කණඩායම ක්‍රියාත්මක වී තිබේ.
'මව්බිම' පුවත් පත, දෙරණ අරුණ සහ ගෝඨාභය රාජපක්ෂ ගේ සමාජ මාධ්‍ය ප්‍රචාරක කණඩායම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට අද (1) පේනකරුවන්ගේ මත පදනම් කරගනිමින් පුවත් පළ කර ඇත්තේ ඊට අනුවය.
එසේම, ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සදහන් කළේ අභියාචනාධිකරණ නඩුව නිසා ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන්නන් අතර විශාල මන්දෝත්සාහීබවක් ගොඩ නැගිය හැකි බවයි.
පේනකරුවගේ පිහිටෙන් ගොඩදාන්න උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියේ ඒ වෙනස් වීම පහත දැක්වෙයි.








