රටක වඩාත් වැදගත් ආරක්ෂක ප්‍රතිපත්තියයි - පාඨලී 

රටක වඩාත් වැදගත් ආරක්ෂක ප්‍රතිපත්තියයි - පාඨලී 

රටක වඩාත් වැදගත් වන්නේ ආරක්ෂක ප්‍රතිපත්තිය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල පැවති මෙගා මයින්ඞ්ස් වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ ජනාධිපතිවරණයේදී අපට පෙනී ගියා ඉතාම බලගතු කාරණා හතරක් සම්බන්ධයෙන් අපගේ දැනුවත් සමාජ කි‍්‍රයාකාරීන් උනන්දුවෙන බව. ඒ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණය, ආර්ථිකය, පොදුවේ සමාජය, ඒ වගේම පරිසරය කියන කාරණා හතර ගැන අතිශය උනන්දුවක් අපගේ දැනුවත් ජනතාව දක්වන බව.

අපි ගතහොත් ජාතික ආරක්‍ෂාව, එහි තිබෙනවා වැදගත් අංග දෙකක්. මෙහි සිටිනවා හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු හමුදාවේ පිරිස්, අපි බලාපොරොත්තු වෙනවා ලබන 21 වෙනිදාට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල ති‍්‍රවිධ හමුදාවේ හිටපු වැදගත් යුධ නිලධාරීන් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමාත් සමග එකතුවෙලා අපි වැදගත් ප‍්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් කරන්න. එහිදී වැදගත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ආරක්‍ෂක මෙහෙයුම්. අනෙක තමයි ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය. දැන් මේ හුඟ දෙනෙක් කතා කරන්නේ ආරක්‍ෂක මෙහෙයුම් ගැන. අපි කවුරුත් දන්න සරළ දේ තමයි ආරක්‍ෂක හමුදාවට බැඳෙන්න ගියහම උස අඩි පහයි, අඟල් තුනයි, පපුව 32 යි තිබෙනවා නම් බඳවා ගන්නවා. ඒ අය තමයි මෙහෙයුම්වලට යන්න ඉන්න, පාසලේ රගර්, ෆුට්බොල්, ක‍්‍රීඩා කරලා තිබෙනවා නම්, ඇත්ලටික්ස් කරලා තිබෙනවා නම් අන්න ආරක්‍ෂක අංශවලට ශරීර ශක්තියත් සමග යන්න ඉන්න අය. ඒ තමයි හමුදා මෙහෙයුම් අංශය. ගොඩාක් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයින්ගේ පිරිස් කියන්නේ මේ මෙහෙයුම් අංශවල හිටපු අය ගැන. ඒ මෙහෙයුම් අංශ ඉතා වැදගත්. ඒවාට සෞඛ්‍ය සම්පන්න පිරිස් යා යුතුයි.

නමුත් වඩා වැදගත් දේ නම් ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තියයි. රටක ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය හදන්නේ අඩි පහයි අඟල් තුනයි පපුව 32 තිබෙන අය පමණක්ම නෙමෙයි, ඒ සඳහා අවශ්‍යයි ඉතාම වැදගත් තාක්ෂණික මොළ. ඒ සඳහා අවශ්‍යයි නවීන තාක්ෂණයත් සමග එකට ගැටගැහිච්ච විදේශ ප‍්‍රතිපත්ති, විදේශ බලවේගවල හැසිරීම ගැන දන්නා අය. කලාපීය පැත්තෙන් මෙන්ම ගෝලීය පැත්තෙන්. කලාපීය පැත්තෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය ලංකාව මේ අතරේ තිබෙන ගැටළු. ගෝලීය පැත්තෙන් එක්සත් ජනපදය,  ජපානය, දකුණු කොරියාව අතර රටවල් අතර තිබෙන ප‍්‍රශ්න අපි දන්නවා අද තිබෙන ගැටළු. අපි දන්නවා මොනවද අද මැදපෙරදිග වෙමින් තිබෙන්නේ කියලා. ඇමරිකා එක්සත් ජනපදයත් චීනයත් අතරේ අද වෙළෙඳ යුද්ධයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම අපේ මිත‍්‍ර රටවල් දෙකක් දකුණු කොරියාවත් ජපානයත් අතරේ වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබෙනවා. පසුගියදා ඇති වූ කාශ්මීර ගැටළුවත් සමග ඉන්දියාව හා පාකිස්ථානය අතර තිබූ සාම්ප‍්‍රදායික ගැටළුව උග‍්‍ර උනා.  මේ සියල්ල සලකා බලමින් සහ නූතන තාක්ෂණික කි‍්‍රයාවලිය සලකා බලමින් තමයි ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න