කළින් පැනපු ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ : දයාසිරි - බැසිල් එකඟතාවයක් !

කළින් පැනපු ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ : දයාසිරි - බැසිල් එකඟතාවයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර එකඟතා ලියවිල්ල අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පොදුජන පෙරමුණට එක්වූ කිසිවෙකුට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත්තත් ඇමතිකම් අහිමිවීමේ අවධාමනක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඉතා විශ්වාසවත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ අතර ඇතිකරගත් එකඟතාවක් මේ තත්ත්වයට හේතුවී තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර  පිහිටුවා ගැනීමට නියමිත සන්ධානය වෙනුවෙන් ඇති කරගත් එකගතාව අනුව සියයට 30ක් අවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දිය යුතුය. එනම් මැති ඇමති තනතුරු ලබාදීමේදී සියයට 30ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතුය. 

කෙසේවුවද එම සියයට 30 ඇමතිකම් පිරිනැමීමේදී ඊට සුදුසු පුද්ගලයින් නම් කරන්නේ ශ්‍රීලනිප නායකත්ව විසින් බවත්, මිට පෙර 'පොහොට්ටුවට' එක්වූ මන්ත්‍රීවරුට එම කෝටාවෙන් ඇමතිකම් නොදෙන බවත් එවැනි අයට ඇමතිකම් දීමට අවශ්‍ය නම්, පොහොට්ටුවේ කෝටා වෙන් ලබාදෙන ලෙසත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දී තිබී ඇත.  

ශ්‍රීලනිපය 'පොහොට්ටුව' සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ එයට එකඟතාවය පළකිරීමෙන් පසුවය. 

මේ අනුව යම් හෙයකින් ගෝඨාබය ජයගත්ත ද එස්.බී. දිසානායක, සරත් අමුණුගම වැනි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් අහිමිවීමේ අවධානමක් පවතී. 

මෙම තත්වය වාර්තාවීමත් සමග සරත් අමුණුගම ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තමන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න