ගෝඨාගෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන් කාටද ?

ගෝඨාගෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන් කාටද ?

යුද්ධ කරපු ගෝඨාබය සර්ගෙන් අසමි,

16/10/2019 පැවති මාධ්‍ය සකාච්ඡාව අනුව1.යුද්ධය මෙහෙයුවේ තමාවත් (ගෝඨාබය සර් ),අයියාවත් නෙමේයි නම් (මහින්ද රාජපක්ෂ )යුධ ජයග්‍රහණය තම පවුල සතු කර ගත්තේ කෙසේද?

2. හිටපු හමුදාපති සිරගත කලේ යුධ ජයග්‍රහණය තම පවුල සතු කර  ගැනිමටද?

3.2009 යුද්ධය අවසානයේ ඔබගේ අයියා (මහින්ද රාජපක්ෂ ) එක්සත් ජාතීන්ගේ මහාලේකම් සමග එක්ව නිකුත් කල ප්‍රකාශ තුලින් ලංකාවේ සිදු වුවායි කියන මානව හිමිකම් කඩවිම ගැන සොයා බලන බව කියා සිටියේ රණවිරුවන් වරදකරුවන් කර ඔබත් අයියාත් බේරිමටද??නැත්හොත් විදුලි පුටුව පෙන්වා සියලු ශ්‍රී ලංකීකයන් රැවටිමටද ?

4.උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව පත් කලේ ඔබේ අයියා නොවේද?

5.එහිදි ඉදිරිපත් කල නිර්දේශ  මොනවාද යන්න ඔබ දන්නේ හිද?

6.ඒවා ක්‍රියාත්මක නොකල මන්ද?

7.ඒ මඟින් අන්තර් ජාතිකව කොන්වීමටත්,සැකයටත් අපගේ රණවිරුවන් පත් වු බව  ඔබ නොදන්නේද?නැතිනම් පවුලේ පැවැත්මට ඔවුන් දණ්ගෙඩියට ගෙන ගියාද?

8.රටක් හැටියට අන්තර් ජාතිකව කොන්විමකට ලක් කරේ දැනුවත්වද?

9.ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සම්බාධක කිපයකට ලක්විමට මෙය හේතු වු බව ඔබ දන්නේ හිද?

10.ඒම නිසා අන්තර්ජාතිකව ලැබිමට තිබු ආධාර හා ණය ආධාර අහිමි විම නිසා චිනයෙන් ඉතා අධික පොළියට ණය ගැනිමට සිදු වු බව ඔබට අමතකද?

11.එම අධික පොළියට ගත් ණය නිසා ඉන්ධන මිල ඉහළ දැමිමට සිදු බව අමතකද?

12.ඉන්ධන මිල පහළ දමන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය  කල ඇන්තනී මරා දැමු බව අමතකද?

13.මේසේ ගොඩ නැගුණු ආර්ථික ප්‍රශ්න නිසා අර්ථසාධක මුදලට  අත තියන්න ගියා මතකද?

14.එයට එරහිව පාරට බැස්ස රෝෂෙන් චානක මරා දැමුවා  මතකද?

15.මේ නිසා අහිමි වු විදේශ රැකියා හා අධ්‍යාපන අවස්ථා නොදැනුවත්ද?

16.තමන්ගේ දරුවන් විදේශ රැකියාවන්  හා විදේශ රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ  ගැන අමතක කලාද?

17.ඒම අවස්ථාවන් හිමි විය යුත්තේ තමාගේ පවුල අයට පමණක් යැයි සිතුවාද? (ජනාධිපති අපේක්ෂකම වගේ )18.30/1 යෝජනාවලියට පදනම් වුයේ අයියා විසින් පත් කල උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ  බව ඔබ දන්නේ හිද?

19.එය ක්‍රියාත්මක කිරිම තුල රණවිරුවන්ට අන්තර්ජාතිකව  හොඳ පිළිගැනිමක් ලැබුණු බව ඔබ දන්නේහිද?

20.වරදකරුවන්ට දඬුවම්ද,නිර්දෝශිකරුවන්ට නිර්දෝශී විමට අවස්ථා ලැබුණු බව  ඔබ දන්නේහිද?

21.එමඟින් අන්තර්ජාතිකව ආධාර ,ණය ආධාර ලැබෙන්නට පටන් ගත් බව දන්නේහිද?

22.ඔබ පවුලේ උදවිය මෙන් මහජනතාවටද නැවත අන්තර් ජාතික ප්‍රජාව විවෘත  වු බව දන්නේහිද?

23.විදේශ අධ්‍යාපනය තමන්ගේ පවුලට පමණක් නොව මහජනතාවට නැවත විවෘත  වු බව දන්නේහිද?

මේ ප්‍රශ්න ටික ගෝඨාබය සර් ගෙන් අහන්න,දෙරණ 360 කරන දිලීකාට පුළුවන්ද???,පත්තර කියවන චතුරට පුළුවන්ද???හිරු සලකුණ කරන රංගනට පුළුවන්ද???සුදේවට පුළුවන්ද???ස්වාධීන රුපවාහිණියේ ශානුකටපුළුවන්ද???මහේෂ්ටපුළුවන්ද???නොහැකිනම් බය නිසාද???? බුද්ධිමත් ජනතාව තීරණයන කළ යුතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න