බැසිල්ගේ බලය බෙදන ස්ථාවරයට විමල්ලාගෙන් විරෝධයක් !

බැසිල්ගේ බලය බෙදන ස්ථාවරයට විමල්ලාගෙන් විරෝධයක් !

බලය විමධ්‍යගතකිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ඉන්දියාවේ 'හින්දු' පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ බෙහෙවින් කලබලයට පත්ව ඇත.

එම පක්ෂය විසින් පවත්වාගෙන යන Lanka Lead News ඒ පිළිබඳව ගුණදාස අමරසේකරගේ මතය පළකරමින් 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට එරෙහිව මතයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටියි.

එම වෙබ් අඩවිය කළ විමසීමකදී ගුණදාස අමරසේකර මෙසේ සඳහන් කර තිබේ.

”බැසිල් රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට කියපු දේ ගැන අපි කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ උත්තරයක් දීලා තිබුනා ඒ ගැන සුමන්තිරන්ට.

මහින්ද රාජපක්ෂ මහතා කියන දේ සමග එකඟයි. බැසිල් රාජපක්ෂ මහතා කිව්වා කියන දේ ඇත්තටම කිව්වද කියන්න අපි දන්නේ නැහැ. ඒ ගැන අපට අලුතින් කියන්න දෙයක් නැහැ. මෙතන කාලයක් අපි කියපු දේම තමයි කියන්න තියෙන්නෙ.

අපේ රටේ දැනටමත්  ඉන්දියාවටත් වඩා පළාත් වලට දේශපාලන බලය බෙදලා තියෙනවා. තවදුරටත් බලය බෙදන්න කැපවෙනවා කියන්නේ ඊටත් එහාට යනවා කියන එක. ඒක තමයි මෙච්චර කාලයක් බෙදුම්වාදීන් ඉල්ලා සිටින්නේ. බෙදුම්වාදීන් ඉල්ලා ඉල්ලන දේ දෙන්න තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ආණ්ඩුව වෙනස් කරන්න ඕන වෙන්නේ ඒක වෙනස් කරන්න මිසක් ඔළුගෙඩි මාරු කරන්න නොවෙයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න