බෝම්බ කටකතා : නරුම ප්‍රචාරයක් ගැන කැෆේ කියයි !

බෝම්බ කටකතා : නරුම ප්‍රචාරයක් ගැන කැෆේ කියයි !

ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර‍‍යේ වාසි ලබා ගැනීමට උත්සහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර ද මාධ්‍ය වෙත පවසා තිබුනේ ජාතික ආරක්ෂාවවට බාධා කරන කටකතා 5000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව ද යන්න එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙවැනි කටකථා තුළින් ඊයේ(16) මට්ටක්කුලිය, වත්තල, හැටන් ආදී ප්‍රදේශ වල පාසැල් අසල බෝම්බ බියක් පැතිරවීම නිසා පාසැල් කිහිපයක කටයුතු අඩාල වූ අතර ඒ ආශ්‍රිත ප්‍රදේශවල එදිනෙදා ජන ජීවිතයට බලපෑම් එල්ල වු බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන මෙවැනි අසත්‍ය ප්‍රචාර පසුපස යම් සංවිධානාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන්නේදැයි සොයාබලන ලෙස කැෆේ සංවිධානය පොලිසිය,ආරක්ෂක  අංශ සහ මැතිවරණ  කොමිසම වෙත දැනුම් දී තිබේ.

මෙවන් කටකතා පැතිරවීම තුළින් යම් යම් පාර්ශව දේශපාලන වාසි ලබාගැනීමට උත්හසහ කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වන බාධාවක් බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක  අධ්‍යක්ෂ  අහමඩ්  මනාස් මකීන්  පවසයි. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු  සඳහන් කළේ ජාතික අරක්ෂාව සම්බන්ධයෙන් කටකතා පතුරුවන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග යුතු බවයි. 

සමාජ මාධ්‍ය ඔස්‍සේ මෙවැනි කටකථා සහ අසත්‍ය ප්‍රචාර ගෙනයාම් පිළිබදව නිරීක්ෂණය කිරීමට වෙනම එකකයක් කැෆේ සංවිධානය විසින් පිහිටුවා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න