පොහොට්ටු රැළිවලට දයාසිරි එන්නේ පොලු අරගෙන : හූ තිබ්බොත් ගුටි ෂුවර් !

පොහොට්ටු රැළිවලට දයාසිරි එන්නේ පොලු අරගෙන : හූ තිබ්බොත් ගුටි ෂුවර් !

තමන්ට කුරුණෑගල දී හූ කියන්න පැමිණියහොත් ඒ අයට සැළකුම් ගාණට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදියකු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ "කුරුණෑගලදී ඔබතුමාටත් හූ කියයිද?" යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ "මට කවුරුත් හූ කියන්න එන්නේ නෑ. හූ කියන්න ආවොත් ඒ අයට සලකයි ගාණට. අපිට ආදරේ කරන  අයත් පොලු තියාගෙන ඉන්නවා" කියාය.

එම අවස්ථාවට සහභාගීව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටියේ හූ කියාගන්නේ පොහොට්ටුවේ අයටම බවයි.

ගෝඨාගේ සහතිකය නිසා දයාසිරි වීරයා වෙලා !

කෙසේ වුවත් මීට පෙර නිව්ස් ටියුබ් වෙත වාර්තා වූයේ දයාසිරි ජයසේකරට සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන්ට හූ තැබීමට ඉඩ නොතබන බවට සහතිකයක් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදී ඇති බවය.

ඒ දයාසිරි මන්ත්‍රීවරයා සමඟ පැවති දුරකථන සංවාදයකදී වන අතර ඊට හේතුව ලෙස වාර්තා වූයේ පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෙන දීම වෙනුවෙන් කල අභ්‍යන්තර අරගලයට දැක්වූ දායකත්වයයි.

කෙසේ වුවත් දැන් පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ සහතිකය නිසා දයාසිරි ජයසේකර ඇතුළු තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසකට හූ තැබුවහොත් පොලු අරගෙන සිටින උදවිය අතින් පහරකෑමට පොදුජන පෙරමුණ පාක්ෂිකයන්ට සිදුවනු ඇති බවයි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න