ද්‍රවිඩ සන්ධාන තීන්දුව තැපැල් ජන්දයට පෙර !

ද්‍රවිඩ සන්ධාන තීන්දුව තැපැල් ජන්දයට පෙර !

දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ලබාදෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා පවසයි.

උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බව ඔහු සඳහන් කර ඇත.

දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවද මාවේයි සේනාධිරාජා පෙන්වායෙි.

මේ අතර aithiya.lk වාර්තා කර ඇති පරිදි උතුරු හා නැගෙනහිරින් ඡන්ද ලක්ෂ 10ක් ගන්නා පිළේ ජය ස්ථිර වෙයි.

''අනෙකුත් ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රථිශතයක් සැමදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික සංධානය විසින් ලබා ගනී. එය 2015 වර්ෂයේ දී ඉතා ඉහල අගයක් ගනු ලැබීය.

උතුරු නැගෙනහිර පලාත් තුළින් පමණක් මහින්ද රාජපක්ෂ මහතා ජන්ද 3,23,600ක් ගන්නා විට මෛත්‍රීපාල සිරිසේන විසින් ඡන්ද 9,78,111 ක් ලබා ගන්නා ලදී. එය ප්‍රථිශතයක් ලෙස ගත්විට 73.5% ක් විය.

එම ප්‍රතිශතය දකුණු ප්‍රදේශයේ දී ‌‌‌‌මෛත්‍රීපාල සිරිසේන ලැබු පසු බැසීම සමනය කර සමස්ථ ඡන්ද ප්‍රථිශතයෙන් 51.28% ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේ ජයග්‍රාහකය බවට පත්වීමට ද හේතු විය.

ඒමෙන්ම 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත් තුළින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 54,44,490 (50.45%) ලබා ගත් විට මෛත්‍රීපාල සිරිසේනට ලබා ගත හැකි වුයේ ඡන්ද 52,39,051 (48.54%) කි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ගොඩ ගියේ උතුරු හා නැගෙනහිරින් ලබා ගත් 73.5% ක් වූ ඡන්ද ප්‍රතිශතය නිසාවෙනි.

මෙවර සජිත් ප්‍රේමදාසට 2015 දී මෙන් ලක්ෂ 9 ඉක්ම වූ ඡන්ද ලබා ගැනීමට හැකි වේ නම් ජයග්‍රහණය ස්ථිරවෙනු නොවනුමානය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ 2015ට වඩා මෙවර සජිත් ප්‍රේමදාස මහතාට දකුණේ වැඩි වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති නිසාය.

ඊට හේතුවක් වී ඇත්තේ දශක ගණනාවකට පසුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ උනන්දුව උපරිමයට පැමිණ තිබීමත්, 2015 දී මහින්ද රාජපක්ෂට සමග සිටි එම්.එච්.එම් ෆවුසි, විජේමුණි සොයිසා, එස්.බී නාවින්න, සජින් වාස්, ලක්ෂමන් සෙනෙවිරත්න ඇතුළු මන්ත්‍රීවරු ගණාවක් සජිත් ප්‍රේමදාසට සම්බන්ධ වී සිටීමත්, කුමාර වෙල්ගම, මහින්ද සමරසිංහ, ඇතුලූ මන්ත්‍රීවරු ගනනාවක් තවමත් නිශ්ෂබ්දව සිටීමත් නිසාය. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න