වෙල්ගමගේ ගෙට පැන්නේ පොහොට්ටුවෙන් : බරපතල සැකයක් ?

වෙල්ගමගේ ගෙට පැන්නේ පොහොට්ටුවෙන් : බරපතල සැකයක් ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට රහසිගතව ඇතුළුවූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එහි කාමරයක අල්මාරියක තිබූ දෑ පැහැරගෙන ගොස් ඇති බව පොලීසියට පැමිණිලිකර ඇති බව වාර්තා වෙයි.

 අලුත්ගම කළුවමෝදර ප්‍රදේශයගේ ගංඟාවක් ආසන්නයේ පිහිටා ඇති වෙල්ගම මන්ත්‍රීවරයාට  නිවසට අදාල සොරුන් පැමිණ ඇත්තේ ගඟ පිහිටි නිවසේ පිටුපස පැත්තේ ජනේලයක් කඩා දැමිමෙන් බවද වාර්තා වේ.

අලුත්ගම පොලීසියට වෙල්ගම මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත පදනම්ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලීසිය සොයාගෙන ඇති පරිදි ආරක්ෂක වැටක් නොමැති ගඟ දෙසින් පැමිණි සැකකරුවන් ජනේලයක් කඩා කාමරයට ඇතුළුවී එහි අල්මාරියක් විවෘතකර කිසියම් දෙයක් පැහැරගෙන ගොස් ඇති නමුත් මුදල් තැන්පත් කර තිබූ සේප්පුව රැගෙන යාමට උත්සහ දරා නැත.

මෙසේ පැමිණී පිරිස හෝ පුද්ගලයා සැලකියයුතු යමක් සොරකම් කරගෙන ගොස් නැති බැවින් එසේ පැමිණ ඇත්තේ සොරකමකට ද නැත්නම් ජීවිත හානියක් සිදුකිරීමේ අරමුණින්ද යන්න පොලීසිය විසින් විමර්ශණය කරමින් පවතී.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නිදහස් පක්ෂය සමග එක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස පත්කිරීමට එරෙහිවය. එහිදී ඔහු විසින් ඉතා දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මිනීමරුවන් ජනපති කරන්නට තමන් සහය නොදෙන බවය.

ඉන් අනතුරුව නිදහස් පක්ෂය සමග එක්වන ඔහු නිදහස් පක්ෂය ගෝඨාභයට සහය දීමට එකඟවීමත් සමග සක්‍රීය දේශපාලන කටයුතු වලින් බැහැරව නිහඬව කටයුතු කිරීමට තීරණය කර තිබේ. වෙල්ගමගේ සහය ගෝඨාභයට ලබාදෙන ලෙස බලකරමින් මතුගම ප්‍රදේශයේදී උපවාසයක්ද පැවැත්වූ නමුත් වෙල්ගමගේ තීරණයේ වෙනසක් සිදුවී නැත.

එවැනිට අර්බුදකාරී වටපිටාවක ඔහුගේ නිවසට ඇතුල්වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායකමක අපේක්ෂාව වන්නට ඇත්තේ ජීවිත හානියක් කිරීමටද යන්න සැක සහිත බවටත් සැකසංකා මතුවෙමින් තිබේ.

image e67d94edfa

Pic by - dailymirror

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න