ශ්‍රීලනිප සාමාජිකයින්ට සජින් වාස් ගෙන් ඔවදනක් !

ශ්‍රීලනිප සාමාජිකයින්ට සජින් වාස් ගෙන් ඔවදනක් !

ගෝඨාබය රාජපක්ෂගේ සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ තරම පිළිබඳව තමන් තරම් දන්නා වෙනත් කිසිදු පුද්ගලයෙක් නොමැති බවත්, ගෝඨාබය රාජපක්ෂ වැනි නිර්දය පුද්ගලයෙකු කිසිසේත් රටේ නායකත්වයට පත් නොවිය යුතු බවත් රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකුව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසයි.

 ඔහු මේ බව පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙනිය, රත්ගම යන ආසනවල ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් අමතමිනි. මෙම හමුව අම්බලන්ගොඩ සී-බ්‍රීස් හෝටලයේදී පැවැත්විණි.

බලපිටිය හිටපු ශ්‍රීලනිප ආසන සංවිධායකවරයා ද වන සජින් වාස් ගුණවර්ධන එහිදී තවදුරටත් පවසා සිටියේ, ඉතිහාසය පුරා මෙරට ප්‍රගතිශීලී බලවේගය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ ගෝඨාබය රාජපක්ෂ නොව සජිත් ප්‍රේමදාස බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න