Language Switcher

V2025

වැලිකඩ සමූහ ඝාතනයේ : ගෝඨාගේ ලිස්ට් එක එළියට !

වැලිකඩ සිරගෙදර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය නැවතත් කරළියට එන්නේ සිද්ධිය වූ දින 2012 නොවැම්බර් 09 වන දින සේවයේ යෙදී සිටී වැඩ බලන ප්‍රධාන ජේලර් කුඩාබණ්ඩාගේ සාක්ෂියත් සමඟිනි. 

මෙම රැඳවියන් 27 දෙනා මරාදැමීම සිදුවූයේ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳ සමාජය තුළ ඉමහත් කතාබහට ලක්වුවකි. මෙම ඝාතනවලට අණ දුන්නේ කවුරුන්ද යන්න අප නොදන්නා නමුදු ජේලර් කුඩාබණ්ඩාගේ සාක්ෂියත් සමඟ ගෝඨාභය යන නම එළියට පැමිණ තිබේ. ඒ ජේලර් කුඩාබණ්ඩාගෙන් කළ සාක්ෂි විමසීමේදීය.

මෙහිදී වැලිකඩ සිදුවීම සිදුවුයේ කෙසේද යන්න විමසා බැලීම වැදගත්වේ. සිද්ධිය වු දින එනම් නොවැම්බර් 09 දින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් වැලිකඩ බන්ධනාගාරයෙන් බැහැර වෙන අතර එය සිදුව ඇත්තේ පස්වරු හතරයි තිහට පමණය. මෙම සිද්ධියේදී බන්ධනාගාර ජේලර්වරයෙකුගේ ත්‍රීවිල් රථයක් පැහැරගෙන පලායෑමට තැත් කළ රැඳවියන් නව දෙනෙකුට කළ ප්‍රහාරයේදී ඔවුන් නවදෙනාම මියගොස් තිබීමද විශේෂ සිද්ධියකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයෙන් පිටත් වන විටත් එහි ඇතුලේ පැවතියේ දැඩි උණුසුම් වතාවරණයකි. ඉන් පසුව යුදහමුදා සන්නද්ධ රථයක් සමඟ යුදහමුදා කමාන්ඩෝ බලකායේ සෙබලුන් බන්ධනාගාරයට ඇතුළු වන අතර ඔවුන් සිරකරුවන්ගේ උද්ඝෝෂණය මැඬ පවත්වා සිරකරුවන් අත තිබු තුවක්කුද ලබාගෙන බන්ධනාගාරයට භාර දී බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

ඉන් අනතුරුව තවත් සන්නද්ධ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන අතර ඔවුන්ගේ සමහරෙක් සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයින් වන අතර තවත් පිරිසක් යුදහමුදා නිල ඇඳුම්ලාගෙන සිට ඇත. එසේ යුධහමුදා නිල ඇඳුම්ලාගෙන පැමිණි නිලධාරින් දෙදෙනෙකු වෝඩ් ප්ලේස් ශ්‍යාම් සහ කොන්ඩා අමිල සිටින්නේ කොහිඳැයි විමසා ඇත්තේ එදින වැඩ බැලූ ප්‍රධාන ජේලර් කුඩාබණ්ඩාගෙනි. එවිට ඔහු පිළිතුරු දී ඇත්තේ එක් අයෙකු මහර බන්ධනාගාරයේ සිටින බවත් තවත් අයෙකු බන්ධනාගාර රෝහලේ සිටින බවත්ය. මේ අතර වාරයේදී යුධ හමුදා ඇඳුම්ලා ගත් දෙදෙනාගෙන් එක් අයකු අනෙකාගෙන් විමසා ඇත්තේ " ඔය කාගේ ලිස්ට් එකද " යනුවෙනි. එවිට අනෙකා පවසා ඇත්තේ ගෝඨාගේ ලිස්ට් එක බවය. මෙකී සිද්ධිය අධිකරණයේ ප්‍රශ්න කරන අවස්ථාවේදී ගෝඨා යනුවෙන් හඳුන්වා ඇත්තේ කවුද යන්න ජේලර් කුඩාබණ්ඩාගෙන් විමසූ විට පවසා ඇත්තේ " මා හිතන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා " යනුවෙන් පිළිතුරු දී ඇත.

විත්තියේ නීතිඥවරුන් මෙම කොටස අධිකරණ වාර්තාවෙන් ඉල්ලා සිටියද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් එයට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර අධිකරණයද එකී කොටස අධිකරණ වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග කර නැත.

වසර හතකට ඉහතදී සිදුවූ මේ මිනිස් ඝාතනයට සම්බන්ධ වූවන්ට එරෙහිව නඩු පවරන ලෙසට සිවිල් සංවිධාන මාධ්‍ය සංවිධාන ඇතැම් බොහෝ පිරිස් උද්ඝෝෂණ සිදුකිරීමද මෙහිලා සඳහන් කළ යුත්තකි.

තිබෙන තොරතුරු අනුව වැලිකඩ බන්ධනාගාරය තුලට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු වී ඇත්තේ අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් රහිතවය. එමෙන්ම යුදහමුදා සන්නද්ධ රථයක් බන්ධනාගාරය තුලට ගෙන ගොස් ඇත්තේ ද කාගේ නියෝගයකින්ද යන්නත් තවම හෙළිදරව් වී නැත. එහෙත් එය එසේ සිදුවී ඇති බවනම් සැබෑවකි.

රක්ෂිත් බන්ධනාගාරයක සිටින රැඳවියන් පිරිසක් එතුළට කඩා වැඳි මරා දැමීම බරපතළ අපරාධයකි. එහි සුවිශේෂිම තත්වය වනුයේ මේ පිරිස ආණ්ඩුවේ රැකවල් යටතේ සිටි පිරිසක් වීමය. එවැනි පසුබිමක බන්ධනාගාරයෙන් පිටත සිටි කණ්ඩායමක් නීති විරෝධී ලෙස බන්ධනාගාරයට කඩා වැදී මරා දමන්නේ ඔවුන්ගේ බලපුළුවන්කාර කමකට ද යන පැනය ඇසිය යුතුය. එය හෙළිදරව් කිරීමත් යහපාලන හොරණෑව පිඹගෙන විත් 2015දී බලයට පැමිණි ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඇතුළු පිරිස සතුවන පැහැර හැරිය නොහැකි වගකීමකි.

එදින බන්ධනාගාරයට පැමිණි අවසන් සන්නද්ධ කණ්ඩායමේ කොට කලිසම ඇඳ බුලත්විට සපන පුද්ගලයෙකු ද සිට ඇත. රැඳවියන් පවසා ඇත්තේ ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ්යේ රංගජීව බවය. ඔහු මේ අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේ ඇයිද යන්නත් සැකයකි.

මේ සිද්ධීන් වීමට පෙරාතුව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ නිවසේ රහස් සාකච්ඡාවක් සිදු වී ඇති බවත් ජෙනරාල් අල්විස්, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති නිමල් වාකිෂ්ට, මේ සාකච්ඡාවට සහාභාගි වූ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සියල්ල අබිමුව අපට වැටහෙන්නේ වැලිකඩ රැඳවියන් ඝාතන සිද්ධියට බලගතු අතක මෙහෙයවීම තිබූ බව නොවේද?
නිමල් අබේසිංහ (රාවය) 

නිමල් අබේසිංහ 
(රාවය)