ගෝඨාබය රාජද්‍රෝහියෙක් : නාමල්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

ගෝඨාබය රාජද්‍රෝහියෙක් : නාමල්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

ලංකාව අපරාධ රාජ්‍යක් බව ඇමරිකානු අධිකරණයක් හමුවේ  තහවුරු කළ ගෝඨාභය රාජපක්ෂ රාජද්‍රෝහී වෙමින් අපරාධමය වරදක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම පැමිණිල්ල ඊයේ (07) ගොනුකර ඇති අතර ඒ ජනාධිපති අපේක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ විසින්ය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ශ්‍රී ලංකා රාජ්‍යයේ ක්‍රියාවක් නොවන බව පැහැදිළිව තිබියදී දඬුවමින් ගැලවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සිදුකර ඇති මෙම ක්‍රියාවෙන් ශ්‍රී ලංකා රජය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කරන ලද රාජ්‍යක් ලෙස ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක්වී ජාත්‍යන්තර සම්බාධක පවා පැනවීමේ අවධානමක් ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ජනාධිපති අපේක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ විසින් වැඩබලන පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ල පහත දැක්වෙයි. 

IMG 20191108 154239

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න