සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස හිතන රටක් නිර්මාණය කරමු - මංගල

සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස හිතන රටක් නිර්මාණය කරමු - මංගල

රට ඉදිරියට යැමට නම් ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් නිර්මාණය කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසයි.

පසුගියදා   මාතරදි පැවති ව්‍යාපාරික හමුවකදි ඔහු  මේ  බව පැවසිය .

එහිදි අදහස් පළ කල මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘ මේ  තරම්  ස්වභාවික සම්පත් , මානව සම්පත් වලින් පිරුණ  රටක් , ඉදිරියට යන්න පුළුවන් රටක් පසුගාමි වුණේ  ඇයි කියලා අපි කල්පනා කල බැලිය යුතුයි . සිමාවක් නැතිව ඉදිරියට යන්න , අනාගතයක් නිර්මාණය  කරන්න පුළුවන් රටක් මෙහෙම වුණේ  කොහොමද? . අපිට කොයිතරම් සම්පත් තිබුණත් ජාතිවාදය , ආගම්වාදය , කුලවාදය හා කුලල් කා ගැනිම තියෙනවනම්  එහෙම රටකට ඉදිරි ගමනක් නැහැ . 1980 ලික්වාන් යු සිංගප්පුරු අගමැතිතුමා ලංකාවට ආපු වේලාවේ  කිව්වා  ශි‍්‍ර ලංකාව කිසිම රටක් අනුගමනය කල යුතු නැ කියලා . සුලූවට විසඳගන්න තිබුණ  භාෂා ප‍්‍රශ්නයක් නිසා අසුගණන්වල මහා යුද්ධයක් බවට පත් වුනා . ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වලා දුන්න වෙළදපොළ ආර්ථිකය නිසා අමාරුවෙන් හරි රට ඉස්සරහට ගියා . 1983 වෙනකොට මහා සමාගම්  අපේ රටට ආවා . කටුනායක ආර්ථික කලාපයක් බවට පත්වුනා . එහෙම තියෙද්දි 1983 කලූ ජුලිය නිසා ලෝකයේ මහා සමාගම්  අපේ රට අතැරලා යන්න පටන් ගත්තා . අපි ශි‍්‍ර ලාකාව විදියට නොහිතනතාක් අපේ  රටට ඉස්සරහට යන්න බැහැ , ඒ නිසා අපි ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් හදන්න ඕනෑ .

අපි කිසිම කඳවුරකට අයිති නැහැ . ඇමරිකාව , චිනය හෝ රුසියාව කියන එකම කඳවුරකටවත් අපි අයිති නැහැ . නමුත් අපි සියලූ දෙනා එක්කර රාජත‍්‍රාත්තිකව ගණුදෙනු කරනවා . ඒ නිසා තමයි පසුගිය ආණ්ඩු කාලයේ රටට අහිමි වෙලා තිබුණු සහන නැවත අපට ලබා ගන්න හැකිවුණේ . ඒ විතරක් නෙමෙයි 2018 වර්ෂයේ තමයි මෑත කාලයේ ආයෝජකයන් වැඩියෙන්ම මගේ රටට ආවේ . මේ  සියල්ල කරන්න ජාතික සමගිය , ප‍්‍රජාත‍්‍රන්තවාදය හා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත්ව තියෙන්න ඕන ’’ 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න