පාස්කු ප්‍රහාරයට ගෝඨා සැකයි : විරෝධතා වලදී චෝදනා !

පාස්කු ප්‍රහාරයට ගෝඨා සැකයි : විරෝධතා වලදී චෝදනා !
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව  ගෝඨාභය රාජපක්ෂ  වගකිව යුතු බවට පවසමින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්විණ.
 
කාන්තාවන් රැසක්  සහභාගී වෙමින් පැවති මෙම විරෝධතාවේදී පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට එල්ලවන චෝදනාවන්ට උත්තර දිය යුතු බව සඳහන් පුවරු ප්‍රදර්ශනය කරනුද  දක්නට ලැබිනි.

පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය දැඩිව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පසුපස ඇමරිකාව ඇතුළු විදෙස් බලවේග සිටින බවය.

ඒ අනූව ඇමරිකානු පුරවැසි ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙනවිත්  ඇමරිකානු කොළනියක් බවට මේ රට පත්කිරීමේ අවධානමක් ඇති බව විරෝධතාව දැක්වූ පාර්ශවයේ අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය ඊට අවශ්‍ය මතය නිර්මාණය කිරීම වෙනුවෙන් දියත්කල බවට පැහැදිලි සැකසංකා ඇති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න