Language Switcher

V2025

මහින්දානන්ද පහසුකම් සපයන්නම් කියන කුපාඩි ජාවාරම ! - අනිවාර්යයෙන් නැරඹිය යුතු වීඩියෝවක්!!

'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට මහනුවරින් දැනට පවතින සියයට 10ක  මුස්ලිම් ජාතිකයිගේ ඡන්ද ප්‍රතිශතය 25% දක්වා වැඩිකරදීම වෙනුවෙන් මහනුවර නගර මධ්‍යයේ මුස්ලිම් පාසලක් සහ හම්බන්තොට වරාය කෙන්ද්‍ර කරගෙන තේ වෙන්දේසි කිරීමේ මධ්‍යස්ථානයක් ලබාදෙන බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මහනුවරතේ වෙළෙඳුන්ට පොරොන්දුවන විඩියෝවක් අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී .

 මේ පවසන පොරොන්දු පිටුපස ඇඟ සීතලවන කතාවක් ඇත. ජායාරූපයේ රතුපාටින් රවුම්කර ඇත්තේ ගම්පල පදිංචි කෝටිපති ව්‍යාපාරික පුරුක්කන් හාජ්ජියාර් නම් ව්‍යපාරිකයා ය. එම මුස්ලිම් ව්‍යාපාරික හමුව පුරුක්කන් හාජ්ජියාර්ට අයත් ගම්පොල නිවසේ පැවැත්වූවකි.

 තේ වලට කසල තේ මිශ්‍ර කිරීමේ ජාවාරම !

 ලංකාවේ 30% සෘජුව සහ වක්‍රව සිය ජිවිකාව සරිකරගන්නෙ තේ කර්මාන්තය ඇසුරිනි. පසුගිය සමයේ ලොව ප්‍රසිද්ධ ශ්‍රි ලංකාවේ සිලෝන් ටී නාමයට අපකීර්තියක් එක්වූයේ කසල තේ මිශ්‍රකර විකිණීම නිසාය. කසල තේ විකිණීම නිසා ශ්‍රි ලංකාවෙන් තේ මිලදීගැනීම ප්‍රතික්ශේප වූ අවස්ථා බොහොමයක් විය.

 මේ කසල තේ බහුල වශයෙන් නොම්මර 'එකේ' තේ සමග මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ගම්පොල ප්‍රදේශය ආශිතව පදිංචි මුස්ලිම් ව්‍යාපරිකයන් පිරිසකටය. ගම්පොල මහින්දානන්දගේ රැස්වීම සංවිධානය කළ  අය එහි ප්‍රධානියකු ලෙස සැලකේ.

 ඔහුට අයත් විශාල කසල තේ තොග කිහිපයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අල්ලාගත්  අතර කෝටි ගනනක මුදල් විසිකරමින් ඒ සෑම අවස්ථාවකම නීතියෙන් රිංගා යාමට ඔහුට හැකිව තිබේ.

 මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා වන අනුරාධ දිසානායක මන්ත්‍රීවරයා සමග එක්ව ව්‍යාපාර කරගෙන යන මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ඉඩම් මිලදීගෙන එවා අනවසර පිරවීම්කර කෝටිගනනින් අලෙවි කරයි.

 හම්බන්තොටට තේ වෙන්දේසි මධ්‍යස්ථානයක් අවශ්‍ය ඇයි ?

 දූෂිත නිලදාරින්ට මිලියන ගණනින් ලබාදෙමින් කසල තේ ව්‍යාපාරය කරගෙන ගියද කොළඹ තේ වෙන්දේසිවලින් ඔවුන්ගේ තේ වල ගුණාත්මක බව අඩු නිසා ප්‍රතික්ෂේප වූ අතර ඒ නිසා හම්බන්තොට ඔවුන් වෙනුවෙන් නව වෙන්දෙසියක් ආරම්බකර දෙන්නෙ මේ විශාල වංචාව කරදරයක් නොමැතිව කරගෙන යාම සඳහාය.

 මහින්දානන්දගේ ජන්ද ව්‍යාපාරය වෙනුවෙන් මිලියන ගනනින් වියදම් කරන මේ පුරුක්කන් හාජ්ජියාර්ට මීලඟ මහාමැතිවරණයෙන් පාර්ලිමේන්තු යාමේ අවස්ථාව උදාකරදිමටද මහින්දානන්ද පොරොන්දු වී ඇති බව පැවසෙයි.

 තම කුජීත දේශපාලන අරමුණු වෙනුවෙන් රටට විදේශ විණිමය ගෙන එන ව්‍යාපරයක් විනාස කර ලක්ෂ ගනනාවකගේ ජිවිත බිල්ලට දීමට ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මහින්දානන්ද ඉදිරිපත්වී සිටී.

 SL VLOG විශේෂාංගය සියල්ල හෙළිවේ !

 අන්තර්ජාලයේ ඔස්සේ සංසරණය වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ වීඩියෝව හා ඊට අදාළ කුපාඩි ජාවාරම සම්බන්ධයෙන් SL VLOG විශේෂාංගය පහත පළවේ.