අලි සබ්‍රිගේ බලපත්‍රය අහෝසි කරන්න - මංගල (VIDEO)

අලි සබ්‍රිගේ බලපත්‍රය අහෝසි කරන්න - මංගල (VIDEO)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාද නැතහොත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ද යන්න සැක සහිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කර සිටි.

 ඒ මාතර දික්වැල්ල ප්‍රදේශයේ ඊයේ (10) පැවති ජනහමුවකට එක්වෙමිනි.

. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා බව කියනා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් මාධ්‍ය හමුවක් කැදවමින් අදාල ගුවන්ගමන් බලපත්‍රය හා පුරවැසිභාවය අහිමි කල බව කියනා සහතිකය ලෙස පෙන් වූ ඒවායේ දෝෂ ඇති බවත් එම පිටපත් මාධ්‍යවේදීන්ට ලබා නොදීම තුලින් මේ බව වඩාත් තහවුරු වන බවත් හෙතෙම සදහන් කර සිටි. 

තවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහජනයා නොමඟ යැවීම සදහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් ජනාධිපති නීතිඥ අලී සබ්රිගේ බලපත්‍රය අහෝසි කල යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

"අලි සබ්‍රි ඒ පෙන්වපු පාස්පෝට් එකේ මොකක්ද ගහල තියෙන්නෙ. මිත්‍රවරුනි, එකේ ලොකුවට ගහල තියනව කැන්සල් කියන වචනය. ඒ කියන්නෙ අවලංගු කරන්න කියන ඒක. සාමාන්‍යයෙන් ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක පාස්පෝට් එකක් කැන්සල් කරන කොට 'කැන්සල්ඩ්' (CANCELLED )කියල ගහන්නෙ. 'කැන්සල්ඩ්' එකෙන් කියන්නෙ අවලංගු කරනා ලදී කියන එක. නමුත් මේ හොර අවලංගු සහතිකය නිර්මාණය කරපු නාමල් රාජපක්ෂගේ බයියන්ට එකවත් හරියට ගහගන්න බැරි වුනා. නිවැරදි වචනෙ වෙනුවට කැන්සල් (CANCEL) කියල යොදපු එකෙන්ම මේක බොරුවක් කියල රටට සනාථ වෙලා ඉවරයි.

ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ සහතික වල දිනය දාන කොට ඉස්සෙල්ලම දාන්නේ මාසය, ඊට පස්සේ දාන්නේ දිනය, අවසානයට අවුරුද්ද. නමුත් මේ සහතිකයේ දාල තියෙන්නෙ ලංකාවේ ක්‍රමයට මුලින් දවස දාල, ඊළගට මාසය හා අවුරුද්ද ලෙස දාල මැයි මාසයේ අවලංගු කරපු බව සදහන් කරල" තිබෙන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න