ගෝඨාට ජන්දය නොදිය යුත්තේ ඇයි : අගමැති කඳුකරයේදී පැහැදිලි කරයි !

ගෝඨාට ජන්දය නොදිය යුත්තේ ඇයි : අගමැති කඳුකරයේදී පැහැදිලි කරයි !

2015 ට පෙර ත්‍රස්තවාදීන් ඝණයට ලා සැලකූ කන්ද උඩරට දෙමළ ජනතාවට යළි නිදහස සහ ගරුත්වය උදා කර දුන්නේ යහපාලන ආණ්ඩුව විසින් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් නැවත වරක් උඩරට දෙමළ ජනතාව නොසැලකිල්ලට පාත්‍ර කර ඇති බව සදහන් කරයි.

ඊයේ (10) දින නුවරඑළිය සහ තලවාකැලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පිටු අසූවකින් යුතු රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇත්තේ අන්තිම පිටුව බවයි.

කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් ගුරු විද්‍යාලයක් ලබා දෙන බව එහි දක්වා ඇති නමුත්, ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කරන ලද්දේ අසූව දශකයේ බව පෙන්වාදුන් වික්‍රමසිංහ එහි සඳහන් සියළු දෑ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය. 

එම රැස්වීම් අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

 "පොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලූ දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂයි. ඒ අයගේ වේදිකාවේදීත් ගෝඨාභ රාජපක්‍ෂව පැත්තකට ඇද දමනවා නම්, ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කිසිදු ඵලක් නෑ.

ගෝඨාභාය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කඳුරට දෙමළ ජනතාවට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක්. කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වන දේ පිළිබඳවත් අවබෝධයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නෑ. එවන් කෙනෙකුගෙන් මේ ජනතාවට සෙතක්, සහනයක් සිදු වෙන්නේත් නෑ.

ලයින් කාමරවලට සීමා වී සිටි මේ ජනතාවට ඉඩමක අයිතියික් සමග නිවාස ලබා දුන්නේ අපියි. රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඒ වැඩ පිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු මගිනුයි. වර්තමානයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහය ද ඇතිව අප මේ නිවාස වැඩ පිළිවෙල ඉදිරිය ගෙන යනවා.

නව ආර්ථික අවකාශයන් උදා කරමින් කඳුරට දෙමළ ජනතාවට ශක්තිය, නිදහස සහ ගරුත්වය උරුම කරලීමේ වැඩ සටහන ඉදිරියට ගෙන යා හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කිරීමෙන් පමණයි.

ඒ නිසා නොවැම්බර් 16 වනදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා”

 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න